IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගංජා ජාවාරම්කරුට අවුරුදු 2ක අත්හිටවූ සිර දඬුවමක්

(දීලීප් ජයසේකර)
 
ගංජා කිලෝ 2යි ග්‍රෑම් 500ක්  සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ වරදට වැරදිකරු වූ සැකකරුවෙකුට වසර දෙකක අත්හිටවූ සිර දඬුවමක් හා රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද(22) නියෝග කළේය.
 
මෙලෙස සිර දඬුවම් හා දඩ නියම වුයේ රිකිල්ලපාන, ගගුලන්දෙණිය, කටුවන පදිංචි වීරසිංහගේ ප්‍රියශාන්ත නැමති පුද්ගලයෙකුටය.
 
සැකකරු 2015.11.07 වන දින යතුරු පැදියකින් ගංජා රැගෙන ජාවාරමේ යමින් සිටියදී මිද්දෙණිය පොලීසියට ලද ඔත්තුවකට අනුව මිද්දෙණිය නගරයේදි අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහු සන්තකයේ තිබී ගංජා කිලෝ 2යි ග්‍රෑම් 500ක්  පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුට  එරෙහිව පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පැවරීය. අදාළ නඩුවේ විභාගය අවසන් කරමින් සැකකරු චෝදනා දෙකටම වැරදිකරු බවට ඔප්පු වීම හේතුවෙන් මහාධිකරණ විනිසුරුවරයා අද (22) සැකකරුට දඬුවම් නියම කෙරුණි.
 
ඒ අනුව සැකකරුට පළමු චෝදනාවට වසර 2ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිරණ විනිසුරුවරයා එය වසර 15ක කාලයක් සඳහා අත්හිටවන ලදී. දෙවන චෝදනාව සඳහා රුපියල් 25,000ක දඩ මුදලක් නියම කළ අතර එය නොගෙවන්නේ නම් වසර 2ක බර වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි.
මීට අමතරව සැකකරුට දඩුවම් පමුණුවන අවස්ථාව වන විට තවත් සමාන පෙර වැරැද්දක්ද පැවතීම හේතුවෙන් ඉහත දඬුවම්වලට අමතරව තවත් රුපියල් 25,000ක දඩ මුදලක්ද නියම කෙරුණි. සැකකරු එය නොගෙවන්නේ නම් තවත් වසර 2ක බර වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි.

පැමිණිල්ල වෙනුවෙන් මිද්දෙණිය පොලිසිය සමගරජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරන්න මහතා පෙනීසිටියේය.



අදහස් (0)

ගංජා ජාවාරම්කරුට අවුරුදු 2ක අත්හිටවූ සිර දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site