
(රංජිත් රාජපක්ෂ)
අති සුඛෝපභෝගි මොටර් රථයක් යෙදා ගනිමින් නුවරඑලිය නගරයේ ගංජා අලෙවි කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ දුෂණ වැටලිම් ඒකකය කියයි.
වරකාපොල ප්‍රදේශයේ පදිංචි අවු 35 වයසැති සැකකරු නුවරඑලිය නගරයට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ගංජා අලෙවි කරන බවට ලද තොරතුරක් මත නුවරඑලිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් නුවරඑලිය කොට්ඨාශ නිල සුනඛ අංශයේ සහයෝගය ඇතිව සැකකරු මොටර් රථයේ අසුන යට සගවා තිබු ගංජා ග්‍රැම් 21 ක් සහ කුඩා ප්‍රමාණයේ විද්‍යුත් තරාදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු මොටර් රථයෙන් ගංජා විශාල ප්‍රමාණයක් රැගෙනවිත් පසුගිය දින කිහිපය තුල අලෙවි කර ඇති බවටද තොරතුරු අනාවරණය වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මොටර් රථය නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd