(සුමතිපාල දීයගහගේ )

කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හලක තවත් සේවිකාවන් හය දෙනෙකුට කොරෝනා වයිරසය  ආසාදනයවි ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙසේ එම  වයිරසය ආසාදනයවී ඇත්තේ කහවැන්නගම, නාකන්ද, වැවිලිහේන, වැලිපිටිය සහ  ගාල්ල යන ප්‍රදේශවල පදිංචි කොග්ගල ඇගලුම් කම්හලක සේවිකාවන් පිරිසකටය.

මෙම ආසාදිතයින් ප්‍රතිකාර සදහා රෝහල්ගත කිරිමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන ඇත.

මේ අතර මෙම ආසාදිතයින්ගේ පවුල්වල සාමාජිකයින් 40 දෙනෙක් නිරෝධායනයට යොමු කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.