(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවේ සිරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ අපරාධ කල්ලි නායකයකු වන කිඹුලා ඇලේ ගුණා නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙක් වන "හෝමාගම පොඩි සම්පත්" නැමැත්තා රුපියල් ලක්ෂ 5කට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමග මාකන්දන කැකුළුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 650 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
පොඩි සම්පත් නැමැති අපරාධ කල්ලි සාමාජිකයා හෝමාගම ප්‍රදේශයෙන් වසන්වී කැස්බෑව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන හොරෙයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට කැස්බෑව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග අබයරත්න මහතාට ලැබුණු තොරතුක් මත දින ගණනක් තිස්සේ සිදු කළ විමර්ශනය කර ඇත.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ විමර්ශනයේදී ඔහු මත්කුඩු ජාවාරම සිදුකරන බවට සැක හැර දැනගත් පොලිස් නිලධාරීන් පොඩි සම්පත් නැමැත්තා නිවසට පැමිණෙන අවස්ථාවේදී මඟ රැක සිට අත්අඩංගුවට ගෙන සිදුකරන ලද පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී මෙම මත්කුඩු තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෙක් මාට්ටු