IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


කොහු වළකින් මළ සිරුරක් හමුවෙයි

(ඔගස්ටින් ප්‍රනාන්දු)

හලාවත, මුගුණුවටවන කරවිටාගාර වීර කැළේවත්ත ප්‍රදේශයේ කොහු සකස් කිරීමේ මට්ට වළක තිබී මළ සිරුරක් අද (28) හමුවූ බව හලාවත පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ බිංගිරිය බෝවත්ත වදුරැස්ස ප්‍රදේශයේ පදිංචි සරා හෙවත් මල් සරා නමින් හැඳින්වෙන පුද්ගලයෙකි. මිය ගිය අය සම්බන්ධයෙන් වෙනත් විස්තරයක් මෙතෙක් හෙළි වි නැති බවත් පොලිසිය කියයි.

මිය ගිය අය පන්කොළ පෙට්ටි පැදුරු ගමින් ගමට ගෙන යමින් විකුණු අයෙකු වන බවත් ඔහු කරවිටාගාර ප්‍රදේශයට පැමිණ අලෙවි කටයුතුවලින් පසු  දින කිහිපයක් ප්‍රදේශයේ නතරවී සිටින බවත් දිනපතා අධික ලෙස මත්පැන් පානය කර ගීත ගයමින් තැනින් තැන යන බවත්, අනාවරණය වී ඇත.

ඔහු ඊයේ (27 ) රාත්‍රියේ ද ගම පුරා ගී ගයමින් සැරිසරමින් සිටි බවද පොලිසිය කියයි.

අද උදෑසන මළසිරුර දුටු ප්‍රදේශවාසීන් ඒ බව පොලිසියට දන්වා ඇත.

සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ගෙනයාමට නියමිතව ඇත‍.

හලාවත මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

කොහු වළකින් මළ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32096 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14567 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11253 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 42 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 310 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1255 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site