(දිලංගා ගෝමස්)
ගල්කිස්ස පීරිස් පාර අසල පදික මාරුවේ දී කැබ් රථයක ගැටීමෙන් ලොතරැයි අලෙවිකරුවකු අද (8) අලුයම මියගිය බව ගල්කිස්ස පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ ගල්කිස්ස පීරිස් පාරේ පදිංචිව සිටි මැදවත්තේගෙදර ප්‍රේමරත්න නමැති 76 හැවිරිදි පුද්ගලයෙකි.
අදාල කැබ් රථය මොරටුව දෙස සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබියදී පාර මාරු වීමට ආ පදිකයා කැබ් රථයේ ගැටී සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් පදිකයා මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd