(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ කුරුදුවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් කැබ් රථයක ගැටීමෙන් වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අද (22) පස්වරුවේ මියගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ඊ.කේ රාණි නැමැති 59 හැවිරිදි ගොනාමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
කැබ් රථය උඩුගම දෙස සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර මෙම කාන්තාව පාර හරහා ගමන් කිරීමට යාමේදී ඇය අද කැබ් රථයේ ගැටී ඇති බව පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත.
අනතුරට අදාල කැබ් රථයේ රියදුරු අක්මීමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කැබ් රථයක ගැටීමෙන් කාන්තාවක් මරුට