(ක.ග.කරුණාරත්න)
හිඟුරක්ගොඩ හෝටලයක කබල්ලෑ මස්, ගෝන මස් , මුව මස් සහ වල් ඌරු මස් අලෙවි කළ තිදෙනෙකුට දඩ නියම කිරීමට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නනායක්කාර මහතා අද (30) නියෝග කළේය.
අදාල චෝදනා වලට අධිකරණයේදී වරද පිළිගැනීමෙන් පසු රුපියල් 45,000 ක දඩයක් මොවුන්ට ගෙවන ලෙස නියෝග කෙරිණි.
මෙසේ දඩ නියම වූයේ ගම්පහ,ලෝලුවාගොඩ,කැමිලස් වත්ත ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.ප‍්‍රභාත් මලීන් රාජකරුණා,මැදිරිගිරිය,දිග්ගල්පුරයාය පදිංචි ඩබ්ලිව්.ජී.අරවින්ද පුෂ්පකුමාර සහ මින්නේරියේ පදිංචි ජී.එම්.ගයාන් මධුශංඛ යන තිදෙනාටය.
කබැල්ලා මස් , ගෝන මස් , මුව මස් සහ වල් ඌරු මස් සන්තකයේ තබා ගැනීම සහ විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා 07 කට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් පසු මහේස්ත‍්‍රාත්වරයා ඉහත දඩ මුදල නියම කරනු ලැබීය.
පොලොන්නරුව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.ඩි.එම්.ජේ.වික‍්‍රමසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.
හෝටලයේ අධිශීතකරණයක් තුළ එම සතුන්ගේ මස් අසුරා තිබියදී අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.
2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කබල්ලෑ-වල් ඌරු -ගෝන මස් විකුණා දඩකති
upali Tuesday, 31 December 2019 03:07 AM
වල් උරුමස් විකිණීමේ තහනම ඉවත් කර නේද..?