(විජේරත්න රත්නායක)
යූරියා පොහොර මිලදී ගැනීමේදී ඒ සමග ශාක වර්ධන රසායනිකයක පැකැට්ටුවක්ද මිලදීගත යුතු බවට කොන්දේසි පනවමින් වෙළදාම් කළ බවට සැකපිට පොහොර වෙළඳසැල් හිමියන් දෙදෙනෙකුට සහ පොහොර බෙදාහරින සමාගම් දෙකකට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ.
මෙසේ නඩු පවරා ඇත්තේ මොණරාගල දඹගල්ල නගරයේ පොහොර වෙළඳසැල් හිමියන් දෙදෙනෙකුට සහ සමාගම් දෙකකටය.
රුපියල් 1000ක් වන යූරියා පොහොර මිටියක් මිලදී ගැනීමේදී රුපියල් 800ක් වටිනා ශාඛ වර්ධක රසායනිකයක් අඩංගු පැකැට්ටුවක්ද මිලදීගත යුතු බවට කොන්දේසි පනවමින් ඔවුන් වෙළඳාමේ නිරතවීම හේතුවෙන් මෙසේ නීතිමය පියවර ගෙන තිබේ.
මේ දිනවල පොහොර සහනාධාරය යටතේ ගොවීහු විශාල වශයෙන් පොහොර මිලදී ගනිමින් සිටිති. යූරියා හිඟයක් පැවතීමත් යූරියා මිටියකින් අධික ලාභයක් නොවීමත් යන කරුණු මත මෙම වෙළෙන්ඳන් තමන්ට කොන්දේසි පනවන බවද, ඒ අනුව රුපියල් 1000ක් වටිනා යූරියා පොහොර මිටි 10 ක් මිලදී ගැනීමට රුපියල් 18,000 ක මුදලක් අවශ්‍ය බවටත් ගොවීන් එම කාර්යාලයට පැමිණිලි කර තිබිණි. ඒ අනුව වැටලීම කර එම වෙළෙන්ඳන්ට සහ සමාගම්වලට මෙසේ නඩු පවරා ඇත.
මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.එස්.පත්මකුලසූරිය මහත්මියගේ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂ කේ.ජී.දයා සමරකෝන් මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ මොණරාගල දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතා ඇතුළු නිලධාරීහු වැටලීමට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොන්දේසි මත පොහොර විකිණූ වෙළෙන්ඳන්ට - සමාගම්වලට නඩු