IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කන්දකැටියේ නිදන් හැරූ 11 දෙනා යළි රිමාන්ඩ්

Breaking: Berekum Circuit Court Remand 10 Togolese Nationals For ...

(නිශාන්ත කුමාර)

කන්දකැටිය උල්පතගම අඹගහවත්ත කුඹූරුයායේ ගල්තලාවක නිධානයක් හාරමින් සිටියදී කන්දකැටිය පොලිසිය මගින්  අත්අඩංගුවට ගැනීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 11 දෙනාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ බදුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා ඔවුන් සියලුදෙනා  මෙම මස 19 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (07) නියෝග කළේය.

අදාල සිද්ධිය වූ ස්ථානය  සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ වාර්තාව ලැබෙන තෙක් මෙලෙස දෙවනවරටත් රක්ෂීත බන්ධනාගාරගත කර ඇත්තේ ඇත්තේ  කන්දකැටිය, පොලිස් වසමේ පදිංචි පුද්ගලයින් හය දෙනෙකු හා පදවිය,කැඹිතිගොල්ලෑව, මීගමුව ,තංගල්ල,හා පාදෙණිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු  25 ත් 40 ත් අතර වයස්වල පසුවන  පුද්ගලයින් පස්දෙනෙකි.

කන්දකැටිය උල්පතගම අඹගහවත්ත කුඹූරුයායේ ගල්තලාවක නිධානයක් හාරන බවට ලද තොරතුරක් මත ඉකුත් 25 දා  සවස කන්දකැටිය පොලිසියේ නිලධාරීහු පිරිසක් එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස සමඟ ඔවුන් සතුව තිබූ ඇමෝනියා , සේවා නූල්, මල් බුලත් තට්ටු, පිරිත් නූල්, උදලු, අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක් ද  අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි.

එහිදී පොලිසිය ඉදිරිපත්කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා  සිද්ධියට සම්බන්ධ පිරිස අද (07) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

අද (07) දිනයේ යළිත් නඩුව කැඳවූ අවස්ථාවේ සිද්ධිය වූ ස්ථානය  සම්බන්ධයෙන් වූ   පුරාවිද්‍යා අධ්‍යක්ෂක   ජනරාල්වරයාගේ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඔවුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා යළිත් ඔවුන් මෙලෙස මෙම මස 19 තෙක් රක්ෂිත බන්ධනාගාරගත ගත කරන ලෙස නියෝග කළේය

 

 



අදහස් (0)

කන්දකැටියේ නිදන් හැරූ 11 දෙනා යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 747 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site