(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
නත්තල් දිනය නිමිත්තෙන් කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ කතෝලික දේවස්ථාන සඳහා මුල්‍යමය ආධාර පිරිනැමීම නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ශ්‍රවනාගාරයේදී අද (20) පැවැත්විණි.
කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති කරු ජයසුරිය මහතාගේ සංකල්පයක් අනුව මෙම මුල්‍යමය ආධාර පිරිනැමීම ආරම්භ කර තිබෙන අතර එය වාර්ෂිකව සිදු කෙරේ.
සෑම ආගමක් නියෝජනය කෙරෙන ප්‍රධාන උත්සවයන්ට සමගාමිව කොළඹ නාගරික බල ප්‍රදේශයේ පිහිටි ආගමික ස්ථාන වෙනුවෙන් මෙසේ ආධාර පිරිනැමේ.
කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන 20 ක් සඳහා රුපියල් 50,000 බැගින් මුල්‍යමය ආධාර මෙවර පිරිනැමිණ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කතෝලික දේවස්ථාන සඳහා මුල්‍යමය ආධාර