(ඩී.කේ.රත්න)
කතරගම වන්දනාවේ යන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් බණ්ඩාරවෙල ඩිපෝව සහ ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව බණ්ඩාරවෙල නගරයේ සිට අද (06) ලංගම - දුම්රිය ඒකාබද්ධ සේවාවක් ආරම්භ කළේය.
මහනුවර,හැටන්,තලවාකැලේ,කොටගල සහ මස්කෙළිය යන ප‍්‍රදේශවල හින්දු බැතිමතුන් විශාල වශයෙන් කතරගම වන්දනා සමය වෙනුවෙන් මේ වන විට කතරගම දක්වා පැමිණෙන අතර එසේ පැමිණෙන බැතිමතුන් දුම්රියෙන් බණ්ඩාරවෙලට පැමිණීමෙන් අනතුරුව මෙම සේවාව මගින් ලංගම බස්රථ මගින් කතරගම දක්වා ගමන් පහසුකම් සලසා තිබේ.
මෙම ලංගම - දුම්රිය ඒකාබද්ධ සේවාව බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලම පිහිටුවා තිබෙන අතර දුම්රියෙන් පැමිණෙන මගීන්ට එම ස්ථානයේදීම මෙම ලංගම බස්රථවලට ගොඩවීමෙන් අනතුරුව කතරගම දක්වා සිය ගමන් පහසුකම් සලසා ඇත.
මෙම සේවාව කතරගම ඇසල උත්සවය අවසන් වනතුරුම පැවත්වෙන අතර මෙම සේවාව මගින් කතරගම දක්වා ගමන් ගන්නා මගීන් සඳහා කතරගම සිට බණ්ඩාරවෙල දක්වා පැමිණීමටද මෙම සේවාව මගින්ම පහසුකම් සපයා ඇත.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතරගම වන්දනාවේ යන බැතිමතුන්ට ලංගම - දුම්රිය ඒකාබද්ධ ප්‍රවාහන සේවාවක්