(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල කිණිගම වෙළඳසැලක අද (31) අලුයම හදිසියේ ඇතිවූ ගින්නකින් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි.
ගින්නෙන් රුපියල් ලක්ෂ 50 කට අධික අලාභයක් සිදුවී ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
බණ්ඩාරවෙල කිණිගම මංසන්ධියේ හීල්ඔය පාරේ පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීමේ වෙළදසැලක් මෙසේ ගිනිගෙන විනාශ වී තිබේ.
ගින්න ඇතිවීමත් සමග බණ්ඩාරවෙල පොලීසිය දියතලාව යුද හමුදා කදවුරේ නිලධාරීන් සහ බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව මෙම ගින්න නිවා දැමීමට කටයුතු කර ඇතත් ඒ වන විටත් වෙළඳසැල සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කිණිගම වෙළඳසැලක් ගිනිගනී