(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොටවෙහෙර ඉගිනිමිටිය මාර්ගය ඉදිකිරීම පමාවීමට විරෝධය පා ගම්මාන කිහිපයක ජනතාව අද (31) කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වූහ.
ඉගිනිමිටිය සිට ගල්ගමුවට ළගාවිය හැකි ආසන්නතම හා ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම සඳහා 2015 වසරේදී මාර්ග ඉදිකිරීම් සමාගමකට භාර දී තිබුණද එම සමාගම මේ වනවිටත් කිසිදු ඉදිකිරීමක් කර නොතිබිණි.
විරෝධතාවය අතර තුරදී ජනතාව පුත්තලම කුරුණෑගල මාර්ග හරස් කිරීමට යාමේදී පොලිස් කැරලි මර්ධන ඒකක හා කොටවෙහෙර පොලිසියේ නිලධාරීහු එක්වී එය වැළැක්වූහ.
කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජීනේරු තුෂාර විජේරත්න මහතා මෙම කොන්ත්‍රාත් සමාගම 2015 වසරේ සිට මාර්ගය ඉදි කිරීමට ගිවිසුම් ගත කර ඇතත් එය නොකිරීම පිළිබඳව තමා අවස්ථා ගනනාවකදී බලධාරීන් දැනුවත් කළ බවද දැනට අබලන් මට්ටමේ පවතින මාර්ගය තාවකාලිකව අලුත්වැඩියාවක් කරදෙන බවද පැවසීය.




2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටවෙහෙර මාර්ගයක් ඉදිකිරීම පමා වී යැයි ගම්මු විරෝධතාවක