(රොහාන් කුමාර දිසානායක)
ගලිගමුව අටාල වතුයායේ මේ දිනවල වගාකෙරෙන කටුපොල් වගාව නතර කරන්නැයි ඉල්ලා අද (13) ගලිගමුව ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඇතුළු ගම්වැසියෝ එක්ව ගලිගමුව අවිස්සාවේල්ල මාර්ගයේ උද්ඝෝෂණයක නිරතවූහ.
කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මගින් තහනම් කර ඇති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට කටුපොල් වගාව නතර කරන ලෙස ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර තහනම් අනුමැතියක් ලබා තිබුණ ද එය නොතකා කැගල්ල දිස්ත්‍රික්කයේ වතු සමාගම් කටයුතු කරමින් සිටින බව උද්ඝෝෂකයෝ පවසති.
මේ හේතුවෙන් පැයක පමණ කාලයක් ගලිගමුව අවිස්සාවේල්ල මාර්ගයේ වාහන තදබදයක් ද පැවති අතර පිංදෙනිය පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ වතු අධිකාරිවරයා සමඟ සාකච්ඡා කර විසදුමක් ලබාදෙන බව පැවසීමෙන් පසුව උද්ඝෝෂණය කළ පිරිස විසිර ගියහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කටුපොල් වගාව නතර කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්