IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ඕමන්තේ පැරණි ළිඳකින් මෝටාර් උණ්ඩ 14 ක් සොයා ගනී

සිතුම් චතුරංග)

වවුනියාව, ඕමන්ත, කෝවිල්කුංචිකුලම ප්‍රදේශයේ පැරණි ළිඳක් තුළ තිබි මෝටාර් උණ්ඩ 14 ක් අද (22) සොයාගත් බව ඕමන්ත පොලිසිය කියයි.

වගාකටයුතු සඳහා ඉඩම සකස්කොට පැරණි ළිඳ ශුද්ධ පවිත්‍ර කිරීමේදී අදාළ මෝටාර් උණ්ඩ ඉඩමේ හිමිකරු දැක පොලිසිය වෙත ලබාදුන් තොරතුර මත සොයාගත් බවයි.

ඕමන්ත පොලිස් නිලධාරීන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ, පොලිස් විශේෂ බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන් විසින් ළිඳතුල තිබූ මෝටාර් උණ්ඩ තොගය ගොඩගත් බවද පොලිසිය පැවසීය.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 14 ක් ළිඳ තුළ තිබි ගොඩගෙන නිශ්ක්‍රීය කිරීම වෙනුවෙන් පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත භාරදුන් බවයි.

පසුගිය යුධ සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් අදාළ මෝටාර් උණ්ඩ ළිඳට දමා පළායන්නට ඇතැයි පොලිසිය සැකපළ කරයි.

ඕමන්ත පොලිසිය හා පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

ඕමන්තේ පැරණි ළිඳකින් මෝටාර් උණ්ඩ 14 ක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 50 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 957 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site