
(එම් .සුසිල් ප්‍රියන්ත)
බෝර දොළහ වර්ගයේ ගිනි අවිවලට දමන උණ්ඩ 84 ක් සමග හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුලු දෙදෙනෙක් අද (3) රාත්‍රියේදී අහුන්ගල්ල කටුවිලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
සැකකාර හිටපු පොලිස් නිලධාරියා ළග තිබී උණ්ඩ 74 ක්ද, අනෙක් සැකකරු ලග තිබී උණ්ඩ 10 ක්ද සොයා ගත් බව පොලීසිය කියයි.
මේ සැකකරුවන් දෙදෙනාම අහුන්ගල්ල කටුවිල පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.
මේ සැකකරුවන් දෙදෙනා මෙලෙස උණ්ඩ ගබගා කොට ගෙන සිටියේ වැඩි මිලට අපරාධකරුවන්ට අලෙවි කිරීමට දැයි යන්න සෙවීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.
සැකකරුවන් දෙදෙනා හෙට (4) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
අහුන්ගල්ල පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උණ්ඩ 84 ක් සමඟ හිටපු පොලිස් නිලධාරියෙක් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට