(ජූඩ් සමන්ත)
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේ.තෙච්චනාමුර්ති මහතා හා උපසභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ එච්.ඒ.උදය ශාන්ත මහතා තේරී පත් විය.
වයඹ පළාත් පාලන කොමසාරිස් ජේ.එම්.ආර්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී මෙම ඡන්ද විමසීම පැවැත්විණි.
හලාවත මහාධිකරණයෙන් කරන ලද නියෝගයක් අනුව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම අවස්ථාවට කැඳවාගෙන එන ලදී.
පළාත් පාලන කොමසාරිස්වරයා විසින් සභාපතිවරයා පත් කිරීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව සභාපති ලෙස ජගත් සමන්ත පෙරේරා යන අයගේ සහ කේ.තෙච්චනාමුර්ති මහතාගේ නම් යෝජනා විය.
ඒ සඳහා පැවති රහස් ඡන්ද විමසීමේදී දෙදෙනාම ඡන්ද 10 බැගින් ලබා ගත්තේය. පසුව කුසපත් ඇදීමකින් කේ.තෙන්නාමුර්ති මහතාට ජය හිමි විය.
උප සභාපතිවරයා ලෙස එච්.ඒ.උදයශාන්ත මහතාගේ සහ ආර්.පී.විජේතුංග යන මහත්වරුන්ගේ නම් යෝජනා විය.
එහිදී විවෘත ඡන්දයක් විමසු අතර දෙදෙනාම ඡන්ද 10 බැගින් ලබා ගත්තේය. පසුව කුසපත් ඇදීමෙන් එච්.ඒ.උදයශාන්ත මහතා උපසභාපති ලෙස තේරී පත්විය.
මෙම අවස්ථා දෙකේදීම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරයා ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියේය.
2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආරච්චිකට්ටුව ප්‍රා.සභා සභාපති පුටුව ශ්‍රීලනිපයට