IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආණ්ඩු පෙරළියෙන් 1200 ක් අසරණ වෙති

(බිඟුන් මේනක ගමගේ) 

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේත් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේත් කඹ ඇදීමක් නිසා අවසන් වරට පැවැති දෙවැනි බස උගැන්වීමේ ගුරු පුහුණු පාඨමාලාව අතරමග නතර වී තරුණ තරුණියයෝ 1200 ක පමණ පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.

පැවැති ආණ්ඩු සමයේ ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ පැවැති ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මගින් ක්‍රියාත්මක වූ මෙම පාඨමාලාව ආණ්ඩු මාරුවත් සමග රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගැනීමෙන් පසුව මෙම තත්ත්වය උද්ගතව ඇත.

පැවැති ආණ්ඩුවේ ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මගින් මෙම පාඨමාලාව ආරම්භ කළේ ලිඛිත හා සම්මුඛ පරීක්ෂණ පවත්වා 1200 ක පමණ පිරිසක් ඒ සඳහා තෝරා ගනු ලැබීමෙන් අනතුරුවය.

පාඨමාලා කාලයේදී රුපියල් 20,000 දීමනාවක් ගෙවන බව ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ නිලධාරින් පවසා තිබුණු අතර පාඨමාලාව සඳහා තෝරා පත්කර ගත් බවට එම පිරිසට යොමු කර ඇති ලිපිවල සඳහන් කර ඇත්තේ පාඨමාලාව නිම කරන අයැදුම්කරුවන් එම ආයතනයේ සම්පත්දායකයන් හැටියට ලියාපදිංචි කරන බවය.  

ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඊට අදාළ පාඨමාලාව ආරම්භ වූ නමුත් ගෙවීම් නිසියාකාරව සිදු කර නොතිබිණි.
මේ අතර පසුගිය නොවැම්බර් මාසයේ දෙවැනි සතියේදී මෙම පිරිසට ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයෙන් දුරකථන කෙටි පණිවුඩයක් මගින් දැනුම් දී තිබුණේ පාඨමාලාවේ ඉදිරි කටයුතු ගැන නොවැම්බර් 25 වැනිදාට දැනුම් දෙන බවය.

අදාළ පාඨමාලාවට බඳවාගැනීම ගැන යොමු කළ ලිපියේ ඊට අස්සන යොදා ඇති ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ එවක අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් ආර් හේරත් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවැසුවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් එවැනි පාඨමාලාවක් ආරම්භ කළ නමුත් තමා ධුරයෙහි මේ වනවිට කටයුතු නොකරන බැවින් වැඩි විස්තරයක් නොදන්නා බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ගේ මූලිකත්වයෙන් 2019 වසරේ සැප්තැම්බර් 10 වැනිදා ගුරු පුහුණුව සඳහා පත්වීම් ලිපි ලබා දී තමන් සේවයෙහි ස්ථිර කරන බවට පැවති රජය පොරොන්දු දී තිබියදී මෙසේ පාඨමාලාව අතරමග නතර කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව කියමින් පාඨමාලා පුහුණුවට සම්බන්ධවූවෝ පසුගියදා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතන ඉදිරිපිට උද්ඝෝෂණයක් ද කළහ.

එහෙත් අතරමග නතර කර ඇති පුහුණුව සම්පූර්ණ කිරීමට පහසුකම් සලසා දීම මිස තමන් සේවයෙහි ස්ථිර කළ නොහැකි බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් පවසන්නේ යැයි ඔවුහු චෝදනා කරති. 

මෙම තත්ත්වයට නව ආණ්ඩුවෙන් විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී මානව හිමිකම් කොමිසම හමුවට ගොස් විසඳුමක් සොයාගැනීමට අපේක්ෂා කරන්නේ යැයි ද උද්ඝෝෂණයට සම්බන්ධ වූ පිරිසක් පැවැසූහ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසුවේ පාඨමාලාව සම්පූර්ණ කිරීමේ කටයුතු තමන්ට කළ හැකි නමුත් ඔවුන් සේවයෙහි ස්ථිර කිරීම සම්බන්ධයෙන් දේශපාලන විධායකය තීන්දුවක් ගත යුතු බවය.

 



අදහස් (0)

ආණ්ඩු පෙරළියෙන් 1200 ක් අසරණ වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site