IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අසාර්ථක වූ වී වගාවට වන්දි ඉල්ලා උද්ඝෝෂණ

(ජයරත්න වික්‍රමාරච්චි)

රජයේ හරිත කෘෂිකර්මාන්ත වැඩසටහනට අනුව මෙම මහ කන්නයේදී වගා කොට අසාර්ථක වී ඇති තම කෙත්යායේ වී වගාව වෙනුවෙන් සාධාරණ වන්දියක් ලබාදෙන ලෙසට ඉල්ලමින් නීලබැම්ම ඔට්ටුපල්ලම ගොවීහු  අද (24) දහවල්  එම කෙත්යායේ දී විරෝධතාවයක නිරත වූහ.

පසුගිය කන්නවලදී රසායනික පොහොර යොදා කුඹුරු අක්කරයකින් වී බුසල් 150 කට අධික අස්වැන්නක් ලබා ගත් නමුත් මෙවර කාබනික පොහොර පමණක් යොදා සිදුකළ වී වගාවෙන්  අක්කරකට වී බුසල් විසිපහක් තිහක්වත් ලබාගත හැකිවේද යන්න සැක සහිත බවත් ඔවූහු මෙහිදී  පැවසූහ.

‘‘ගොයමට මේ වෙනකොට මාස දෙකක් වෙනව, දියර පොහොර ගැහුවට පස්සෙ ගොයම කහවෙලා, කරල් පීදීම හොරයි.පූදින කරලුත් බොල්, වැඩි ගණන් දීල රසායනික පොහොර ටිකත් ගහපු කුඹුරු කිහිපයක් විතරක් තරමකට හොඳයි නමුත් බහුතරයක් වැඩක්ම නෑ‘‘ යනුවෙන්ද එම ගොවීහු කීහ.

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නීලබැම්ම ව්‍යාපාරය තුළ පිහිටි ඔට්ටුපල්ලම කෙත්යාය කුඹුරු අක්කර හාරසියයකින් පමණ සමන්විත වන අතර ඊට කලාඔය හරස්කර බැඳි නීලබැම්ම අමුණේ ජලය කිළෝ මීටර් දහතුනකින් යුත් වාරි  ඇළ ඔස්සේ ඔට්ටුපල්ලම ජලාශයයට යවා ඒ මඟින් කෙත්යායට බෙදා හැරේ.

ගොවීන් දෙසීයක් පමණ සාමාජිකත්වය දරණ ඔට්ටුපල්ලම ‘‘නීලවැලි‘‘ ගොවි සංවිධානය මෙම විරෝධතාවය සංවිධානයකර තිබූ අතර පැයක පමණ කාලය එය සාමකාමීව පවත් ඔවූහු විසිර ගියහ.



අදහස් (1)

අසාර්ථක වූ වී වගාවට වන්දි ඉල්ලා උද්ඝෝෂණ

Semasingha Saturday, 26 February 2022 01:47 PM

අපි මේ ප්‍රශ්නය ගැන සලකා බලනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site