(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල කොස්ලන්ද නාඋල්ල නිවසකට අද අලුයම 4.00 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවස මුළුමනින්ම විනාශ වී පොළොවට සමතලා කර ඇතැයි හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ අංශයේ ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පවසයි.
මෙසේ වන අලි රෑනක් පැමිණ මුළුමනින්ම විනාශ කර දමා ඇත්තේ කොස්ලන්ද නාඋල්ල පී ඩී පේදිරික් ජයසේන නමැති 65 හැවිරිදි ගොවි මහතෙකුගේ නිවස බවද කියයි.
නිවසියන් ඥාති නිවසකට ගොස් සිටියදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇතැයිද වල්අලි 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි ද ආපදා කළමනාකරණ අංශය සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අලි හයක් නිවෙසක් සමතලා කරයි