(දයාරත්න ඇඹෝගම)
වන අලියෙකුගේ පහරදිමෙන් 58 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ඊතල්වැටුනවැව,කහටගස්දිගිලිය පදිංචිව සිටි මොහොමඩ් මුස්තපා(58)නැමති පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා තවත් පුද්ගලයන් සිවු දෙනෙකු සමග පා පැදිවලින් කොක්ඇබේ ප්‍රදේශයේ පිහිටි හේනක කුලී වැඩට යමින් සිටියදි වන අලියාගේ පහර කෑමට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
වන අලියාගේ පහර දිමෙන් බරපතල තුවාල ලැබු මෙම පුද්ගලයා කහටගස්දිගිලිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව එහිදි මිය ගොස් තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිරිස් කුඩු අතළඟ තියාගන්න... බේරෙන්න පුළුවන්...