( ප්‍රියානි මංගලිකා )
කොටවෙහෙර , ගිරිල්ල පොලිස් වසමේ නාවානේදී සිදු වූ වල්අලි ප්‍රහාරයකින් 75 වියැති පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව ගිරිල්ල පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ නාවාන ,සිරිසෙතගම ලිපිනයේ පදිංචි තිදරු පියෙකු හා වරාය විශ්‍රාමික නිලධාරීයෙකු වන තිලකරත්න වනිගසිංහ (75) නැමති අයෙකි.
වල්අලි ප්‍රහාරයෙන් බරපතල අනතුරකට ලක්ව සිටි මෙම පුද්ගලයා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ,දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි .
තම ඉඩමේ ඉදිරිපස ගේට්ටුව වැසීමට පැමිණි අවස්ථාවේ , අසල මාර්ගයේ රැඳී සිටි තනි අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි .
සිද්ධිය සම්බන්ධයෙන් ගිරිල්ල පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලියකුගේ පහර දීමකින් අයෙක් මරුට