(මොහොමඩ් ආසික්)
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් අලදෙණියේ රජයේ රක්ෂිතයට ලොරි රථයකින් නරක් වූ කරවල ඇතුළු අපද්‍රව්‍ය තොගයක් බැහැර කළ පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් අල්ලා පොලීසියට බාරදුන් පසු අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් දෙදෙනා දවුලගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.
මෙම ස්ථානයට ඇතැම් පිරිස් වාහනවලින් කසළ ගෙනවිත් දැමීම නිරන්තරයෙන් සිදු වන බැවින් ප්‍රදේශයේ ජනතාව රාත්‍රී කාලයේ අවදියෙන් සිට මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කර තිබේ.
අද (15) අලුයම කුඩා ලොරි රථයකින් මෙලෙස කසළ ගෙනවිත් දමා ඇති අතර එම අවස්ථාවේ පිරිස ඔවුන් අල්ලා පොලීසියට භාර දී ඇත.
කරවල වෙළඳාමේ යෙදෙන දෙදෙනෙකු මෙම රක්ෂිත භූමියට අපද්‍රව්‍ය බැහැර කර ඇති බව අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයින් දෙදෙනා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අලදෙණියේ රක්ෂිතයට අපද්‍රව්‍ය බැහැර කළ දෙදෙනෙකු අල්ලයි