
(එම්.සුසිල් ප්‍රියන්ත , ඥාණදාස රම්මුතු සහ ධර්මදාස සිරිවර්ධන)
අය වැයට ඡන්ද විමසීමක් අවශ්‍ය යයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලද්දී සභාපති අරුණ ප්‍රදීප් මහතා විසින් ඡන්ද විමසීමක් නොදී සභාවේ වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගැනීමත් සමග අද (22) පැවති අම්බලන්ගොඩ මාසික සභා රැස්වීම දැඩි උණුසුම් විය.
සභාවේ වැඩකටයුතු නතර කර සභා රැස්වීමෙන් ඉවත්ව යමින් සිටියදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සරත් ශ්‍රී ලාල් මහතාට සභාපති අරුණ ප්‍රදීප් මහතා පරුෂ වචනයෙන් බැන වැදුණු අතර පෙරලා සරත් ශ්‍රී ලාල් මහතාද සභාපතිවරයාට බැන වැදීමත් සමගම එම දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.
එහිදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සභාපති අරුණ ප්‍රදීප් මහතා රැස්වීම් ශාලාවෙන් ඉවතට කැදවාගෙන යන ලදි.
පාලක පක්ෂයේ මන්ත්‍රී සරත් ශ්‍රි ලාල් මහතා සහ එකසත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙක් සභා රැස්වීම ශාලාව තුළ රැදි සිට සභාපති චන්දෙට බයේ පැන ගියේ යයි කියමින් කලු පටි බැදගෙන විරෝධතාවේ නිරතවූහ.
සභාපති අරුණ ප්‍රදීප් මහතා සමග පාලක පක්ෂයේ මන්ත්‍රීවරු දහදෙනා සභා රැස්වීම් ශාලාවෙන් ඉවත්ව සිටියහ.
අවසානයේදී පලක පක්ෂයේ සරත් ශ්‍රී ලාල් මහතා ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අය වැයට චන්දයක් නොදී සභාපතිවරයා පැන ගියා යයි කියමින් රැස්වීම් ශාලාවෙන් කෑගසමින් ඉවත්ව යමින් අම්බලන්ගොඩ නගර සභාව ඉදිරිපිටට ගොස් කළු පටි පැළද උද්ඝෝෂණයකද නිරතවූහ.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අම්බලන්ගොඩ ප්‍රා සභාවේ කලබලයක්