( බී .ජී. චතුරංග)
අනුරාධපුර නව නගරයේ බස්නැවතුම් පොළ ඉදිරිපිටදී අද (30) දහවල් මෝටර් රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්විය.
කඳාන ප්‍රදේශයේ සිට, විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වව්නියාව ප්‍රදේශයට ගොස් නැවත එමින් සිටියදී, ඔහු ඇතුළු පවුලේ අය ගමන් කළ එම රථය අනුරාධපුර නගරය මධ්‍යයේ දී, මෙසේ ගිනි ගැනීමට ලක්ව තිබුණි.
මෝටර් රථයේ ඉදිරි පසින් එක් වරම දුමක් සමග මෙම ගින්න හටගෙන ඇති අතර, පසුව රථය පැදවු එම විශ්‍රාමික හමුදා නිලධාරියා ඉක්මනින් මෝටර් රථය නවතා, නගර වැසියන්ගේද සහය ඇතිව රථයේ ගමන් කරමින් සිටි තම දරුවා, බිරිඳ සහ මව ඉන් පිටතට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම හදිසි ගිනිගැනීම හේතුවෙන් එම මෝටර් රථයේ එන්ජිම ඇතුළු, ඉදිරිපස කොටස සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබූ අතර, නගර වැසියන් කළ දැනුම්දීමකට අනුව වහා, එම ස්ථානයට පැමිණි අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීහු ගින්න පැතිරී යාම පාලනය කර, නිවා දැමීමට කටයුතු කළහ.
රථයේ ගමන් කළ කුඩා දරුවා ඇතුළු සිව්දෙනා, මෙම සිදුවීම හේතුවෙන් දැඩි කම්පනයට පත්ව සිටියහ.
මේ හේතුවෙන් අනුරාධපුර නගරයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවූ අතර, රථ වාහන අංශයේ පොලිස් නිලධාරීහු පැමිණ විකල්ප මාර්ග ඔස්සේ එම වාහන හරවා යැවීමට මෙහිදී කටයුතු කළහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අපුර නගරයේදී මෝටර් රියක් ගිනි ගනී