IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අනවසර පෞද්ගලික බස් සේවය නවත්වන්නැයි ඇල්පිටියේ විරෝධතාවක්

 (ජේ.කේ.එල් චාමින්ද සහ විජේසිංහ)

බලපත්‍ර නොමැතිව අනවසරයෙන් මගි ප්‍රවාහන කටයුතු සිදුකරන පෞද්ගලික  බස් රථ සේවය වහා නතර කරන ලෙස බලකරමින්  අද (23) ඇල්පිටිය බස්නැවතුම්පොළ ඉදිරිපිටදි පුද්ගලික බස් රථ සේවකයින් හා හිමිකරුවන් පිරිසක් එක් වි විරෝධතාවයක නිරතවුහ.
 

 බලපත්‍ර නොමැතිව පුද්ගලික බස් රථ මගින් කාර්යාල සේවකයින්  උපකාරක පංතිවලට යන  උසස්පෙළ සිසුන් ප්‍රවාහනය  කරණු ලබන බවත් එම අනවසර මගි ප්‍රවාහන කටයුතු නතරකරන ලෙසද විරෝධතාකරුවන්  විවිධ සටන් පාඨ කියමින් බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. අනවසර කාර්යාල සේවා බස් රථ නියාමනය කරණ ලෙසද විරෝධතාකරුවන්  බලධාරින්ගෙන් ඉල්ලා සිටති.
 
පිටිගල  ඇල්පිටිය හාරහා ගාල්ල, මාපලගම පොවරගම  හරහා ගාල්ල ඇල්පිටිය අම්බල්නොගාඩ හරහා ගාල්ල, බටපොල ඇල්පිටිය  හරහා ගාල්ල යන මාර්ගවල අනවසරයෙන් පුද්ගලික බස් රථ 11ක් පමණ ප්‍රවාහන කටයුතු සිදුකරනප බව විරෝධතා කරුවන් පවසති.
 
පසුව  විරෝධතා කරුවන් අතරට පැමිණි ඇල්පිටිය පොලිසියේ  ස්ථානාධිපතිවරයා මෙකි ගැටළුවට විසදුම් ලබා දෙන බවට  ප්‍රකාශ කිරිමත් සමග විරෝධතාකරුවන් විසිරගියහ. මේ පිළිබද දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහසේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්  බි.එම් ඒ.රාජා කුමාර මහතාගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.

අනවසර කාර්යාල බස් රථ මගි ප්‍රවාහන සේවාව නියාමනය කරන්න කියලා තමයි ඒ අය ඉලන්නේ.  එසේ අනවසරයෙන්  ධාවනය වන බස් රථ පොලිසියත් සමග එක්වි අපි වැටලිම් කරලා එහි රියදුරන් අත්අඩංගුවට ගත්තා.  දැනට ඒ අයට විරුද්ධව  අධිකරණයේ නඩු තුනක්  තියෙනවා  යැයිද අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සදහන් කළේය.



අදහස් (0)

අනවසර පෞද්ගලික බස් සේවය නවත්වන්නැයි ඇල්පිටියේ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site