(ක.ග. කරුණාරත්න)
තම ගෙවත්තේ ඇද තිබූ අනාරක්‍ෂිත විදුලි රැහැනක පැටලී මැදිරිගිරිය, නවනගරය, ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ මැදිරිගිරිය, නවනගරය, සමගිපුර පදිංචිව සිටි 53 හැවිරිදි තිදරු පියෙකු වන ප්‍රියන්ත බණ්ඩාර නැමැත්තෙකි.
මේ පුද්ගලයා තම ගෙවත්තේ වගාකර තිබූ තිබ්බටු වගාවකට වන සතුන්ගෙන් සිදුවන හානි වළක්වාගැනීම සඳහා මෙම අනාරක්‍ෂිත විදුලි රැහැන ඇද තිබෙන බවත් තිබ්බටු කැඩීමට ගිය අවස්ථාවේ විදුලිය සැරවැදී මියගොස් සිටියදී ඔහුගේ මළ සිරුර අද(11)හමුවී තිබෙන බවත් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරිහු පැවැසූහ.
මේ මරණය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අනාරක්‍ෂිත විදුලි රැහැනක පැටලී පුද්ගලයකු ජීවිතක්ෂයට