IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අනතුරින් හමුදා සැරයන් මරුට

(අජිත්ලාල් ශාන්තඋදය)

සිමෙන්ති පටවාගෙන ධාවනය වු ලොරි රථයක් කොළඹ රත්නපුර ප්‍රධාන පාරේ කුරුවිට, පැරඩයිස් ප්‍රදේශයේ දී  අද (17)  පාරෙන් ඉවතට පැන සිදු අනතුරකින් එහි ගමන් ගත් යුද හමුදා සැරයන් වරයෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පැවසුවේය.

කොළඹ සිට හම්බන්තොට දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මෙලෙස අනතුරට පත්ව තිබුණි.

එය පෞද්ගලික ලොරියක් වුවත් යුදහමුදාවට බදු පදනම මත ලබාගත් එකක් බව ද පොලිසිය පැවසුවේය.

අනතුර පත් ලොරිය පදවා ඇත්තේ යුදහමුදා රියදුරෙක් බවද පොලීසිය පැවසුවේය.

 අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ යුදහමුදා සෙබලුන් තිදෙනෙක් ගමන් කර තිබේ. රියදුරුට හා අනෙක් සෙබළාට සුලු තුවාල සිදුව ඇති බව ද පොලීසිය පැවසුවේ ය.

මියගොස් ඇත්තේ ලොරියේ රියදුරු අසුනට විරුද්ධ පැත්තේ ගමන් කළ හමුදා සැරයන් වරයා බව ද පොලීසිය පැවසුවේය.

කුරුවිට පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් මිණිපුර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.

 



අදහස් (0)

අනතුරින් හමුදා සැරයන් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site