(කවිතා සුබසිංහ)
අධිකරණ භූමිය තුළ සාමය කඩවන අයුරින් කලහකාරී ලෙස හැසිරුනැයි කියමින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ නීතිඥවරයකු ලබන 22 දක්වා රිමාන්ඩ් ගත කිරීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
මහර අධිකරණ ශාලාවේ සිරමැදිරිය අසල දී සිර මැදිරිය තුළ රදවා සිටි සැකකරුවකුට ජංගම දුරකථනයක් ලබා දීමට යාමේදී නිතීඥවරයා සහ බන්ධනාගාර නිලධාරියකු අතර බහින්බස් වීමක් සිදු වි ඇතැයි කඩවත පොලිසිය අධිකරණය හමුවේ සදහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර නීතිඥවරයාව අධිකරණය බාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අධිකරණයට අපහාසයක් නොවෙයිද? මම නොදන්න නිසයි අහන්නේ?