IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අධිකරණය මග හැර සිටි සැකකරුවන් තිදෙනෙකු අල්ලයි

(ටෝනි කරුණානායක) 

විවිධ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මග හැරීම නිසා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු 5 ක් නිකුත් කර තිබූ සැකකරුවෙකු සහ තවත් දෙදෙනෙකු අද (26) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

අධිකරණය මගින් නිකුත් කරන ලද විවෘත වරෙන්තු 5 ක් මත අත්අඩංගුවට ගත්, මරදගහමුල හපුවලානේ පදිංචි සැකකරු සහ විවෘත වරෙන්තු මත අත්අඩංගුවට ගත්, මාබොදල සහ වීදියවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනාව මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කරන බව පොලිසිය පවසා සිටියි.

සැකකරුවන් අධිකරණය මග හැර සිටි කාලයේදි වෙනත් අපරාධ සඳහා යොමු වී සිටියේදැයි පරීක්ෂා කිරීම සඳහා සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීම සඳහා කටයුතු කරන බව පොලිසිය පවසයි.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේස් මහතාගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.



අදහස් (0)

අධිකරණය මග හැර සිටි සැකකරුවන් තිදෙනෙකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site