(රෝහණ සමරවීර)
පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කරවූ ලොරි රථයකට අද (29) හිමිදිරියේ වෙඩි තබා නතර කර පරීක්‍ෂා කිරීමේදී නීතිවිරෝධී අයුරින් ප්‍රවාහනය කරමින් සිටි ගවයින් 8ක් එහි සිටි බවත්, සැකකරුවන් දෙදෙනෙකු සමග ලොරිරථය අත්අඩංගුවට ගත් බවත් ගොඩකවෙල පොලිසිය කියයි.
එහි සිටි ගවයින්ගේ පාද එකිනෙකට ගැට ගසා හිංසාකාරී ලෙස ප්‍රවාහනය කරමින් සිටි බවත්, එම ගවයන් මස් පිණිස රැගෙන යමින් සිට ඇති බව පොලිසිය කියයි.
ඇඹිලිපිටිය දෙස සිට අධික වේගයෙන් රත්නපුර දෙසට ගමන් කරමින් තිබූ කුඩා ලොරි රථයක් දුටු පොලිස් නිලධාරීන් එය නතර කරන ලෙසට අණ කර ඇතත් එය නොතකා එම රථය පලාගිය බව පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරු පැදියෙන් එම රථය පිටුපස හඹා ගොස් නතර කරන ලෙස නැවැත නැවැතත් අණ කළද එය නොතැකූ පලා යන රථයේ රියදුරු තම පොලිස් යතුරු පැදිය ලොරි රථයේ ගැටීමට කීප වතාවක්ම උත්සාහ කළ බව පොලිසිය කියයි.
ගොඩකවෙල සිට කිලෝ මීටර් 5ක් පමණ දුරක් රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේ රත්නපුර දෙසට පලා යමින් තිබුණු ලොරිරථය මාදම්පේ හන්දියෙන් රක්වාන දෙසට ගමන් කළ බව පොලිසිය කියයි.
එම මාර්ගය ඔස්සේ කිලෝ මීටර් 3ක් පමණ පොලිස් නිලධාරීන් දෙදෙනා එම රථය පිටුපස හඹා ගොස් ඇතත් පොලිස් අණ නොතකන බව තේරුම් ගත් පොලිස් නිලධාරීන් සිය පිස්තෝල අවියෙන් වෙඩි 2ක් එල්ල කර ඇත. එම අණත් නොතැකූ නිසා රථයේ රෝදවලට වෙඩි නැවත වතාවක් තැබීමට සිදු වූ බව පොලිසිය කියයි.
වෙඩි වැදීමේදී ලොරි රථය මාර්ගයේ නතර වූ බවත් පසුව ගොඩකවෙල පොලිසියේ නිලධාරීන් හා රක්වාන පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ එම ගවයන් සහිත ලොරි රථය හා සැකකරුවන් ගොඩකවෙල පොලිස් ස්ථානයට රැගෙන පැමිණි බව පොලිසිය කියයි.
එම ගවයන් සෙවනගල හත්පෝරුව ප්‍රදේශයේ සිට රක්වාන ප්‍රදේශයට මස් පිණිස රැගෙන යමින් සිටි බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය කියයි.
එම සැකකරුවන් හා භාණ්ඩ තොගය පැල්මඩුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ගොඩකවෙල පොලිසිය ඉදිරි පරීක්‍ෂණ සිදුකරයි.



2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අණ නොතකා ධාවනය කළ ලොරියක් අල්ලයි