IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට දුරකතනයක් ගෙන ගිය කත මාට්ටු

(ඉන්දිකා රාමනායක)

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ  රඳවා සිටින සැකකරුවෙකු බැලීමට පැමිණි කාන්තාවකගේ  යට ඇදුමේ උපක්‍රමශිලී  ලෙස   සඟවාගෙන   සිටි ජංගම දුරකතනයක් සොයාගත් බව  බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

සැකකාරිය  විසින්  සැකකරුට ලබා දිම සදහා ජංගම  දුරකථනය  ඇගේ   යට ඇදුමේ සඟවා  බන්ධනාගාර  තුලට ඊයේ (21) පැමිණ සිටි බව බන්ධනාගාර  මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

මෙම  කාන්තාව බන්ධනාගාරය තුල අමුත්තන් පෙන්වන ස්ථානයට යාමට තැත් කිරිමේදී අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිනියන් විසින් එම කාන්තා පරික්ෂා  කිරිමේදී ඇගේ යට ඇදුමේ සඟවාගෙන තිබු ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන ඇති බව ඒ මහතා පැවසීය.

මෙම සිදුවිම සම්බන්ධයෙන් අගුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීතුමා වෙත වාර්තා  කිරිමෙන් පසුව එම  තහනම් ද්‍රව්‍ය  සමඟ සැකකාර කාන්තාව ඉදිරි නීතිමය කටයුතු කිරීම සදහා අගුණකොළපැලැස්ස පොලිස්ථානය වෙත භාර දී ඇත.

සිදුවිම සම්බන්ධයෙන් බන්ධනාගාර මුලස්ථානය ද මුලික විමර්ශණයක් ආරම්භ කර ඇත.



අදහස් (0)

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට දුරකතනයක් ගෙන ගිය කත මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 266 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site