IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අකුරැස්ස-දෙනියාය ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටී ගමනාගමනය අඩාලයි

(එස්.ඩී.කොඩිකාර )

අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ දෙනියාය අඩවිවන කාර්යාලය අසළ අද (30)  වර්ෂාව හේතුවෙන් මාර්ගය හරහා ගසක් කඩා කඩා වැටී, වාහන ගමනාගමනය මුළුමනින්ම අඩාල වී එම ප්‍රදේශයට විදුලිය විසන්ධි වී ඇතැයි දෙනියාය පොලීසිය කියයි.


දියදාව රක්ෂිතයේ තිබූ ගසක්  සුළඟට මාර්ගය හරහා කඩා වැටී ඇති අතර මේ හේතුවෙන්  හෝරාවක  පමණ කාලයක් වාහන ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබූණි.

ගස කඩා වැටීම හේතුවෙන් විදුලි රැහැන් පද්ධතියට සහ විදුලි කණු වලට ද දැඩි අලාභ හානි වී තිබූ  අතර පසුව  පොලිසිය කළ දැනුම්දීමක් මත  විදුලිබල මණ්ඩලයේ සේවකයින් පැමිණ කඩා වැටුණු කණු සහ ගස ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව  ඉවත් කරන ආකාරය ද දක්නට ලැබුණි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් කිසිවකුට අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය  පවසන අතර මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ද හටගෙන ඇත.



අදහස් (0)

අකුරැස්ස-දෙනියාය ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටී ගමනාගමනය අඩාලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site