(විමුක්ති සංජය පෙරේරා )
රිදීමාලියද්ද ඌරණිය දිවුල්අළුව වේල්යායේ කුඹුරක ට්‍රැක්ටරයක සීසාමින් සිටි (63) හැවිරිදි පුද්ගලයෙකු ට්‍රැක්ටරයේ රොටරියට හසුවි මියගොස් ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ 12 කණුව ඌරණිය ,මහියංගණ යන ලිපිනයේ පදිංචි හේරත්මුදියන්සේලාගේ ධර්මදාස (63) හැවිරිදි තිදරු පියෙකි.
ඔහු සිය ට්‍රැක්ටර් රථයෙන් සී සාමින් සිටියදි පිටුපස සවිකළ තිබු රෝටලියේ ඇතිවු කාර්මික දෝෂයක් හෙතුවෙන් රෝටරිය ඉහලට ඔසවා ට්‍රැක්ටර් රථයේ යටට ගොස් එය සකසමින් සිටියදි එකවරම රෝටරිය පහත්වීමෙන් එයට යටවි මියගොස් ඇතැයි මුලික විමර්ශන වලදි අණාවරණය වු බව පොලිසිය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රොටරියට යට වී ගොවියා මරුට
M.H.Deeganatha Saturday, 08 January 2022 06:46 AM
රෝද 4 ට්‍රැක්ටර් මිලදී ගන්නන්ට ඒවා ලබාදෙන්නන් ඒවා ක්‍රියාකළයුතු ආකාරයන් ගැන කිසිඳු ප්‍රායෝගික දැනුමක් ලබාදෙනවා දකින්නට නැහැ. 1960 කාලයේ දී නිවැරදි උපදෙස් ප්‍රායෝගිකවම එකල එම සමාගම් විසින් ලබා දුන්නා. කොකු 9යේ නගුලෙන් සීසා පුරුදු රියදුරන්, රොටරි නගුලෙන් ද සීසාන ආකාරයෙන් එය ඉතා පැහැදිලියි. එන්ජිම පණගන්වා හෝ නොමැතිව තිබෙන විටෙක වුවත්, ඔසවා තිබෙන නගුලක් එය ක්‍රියාත්මක ලීවරය පහළට වැටීමේ අවදානම නොසැලකීම මෙම කණගාටුදායක සිදුවීමට හේතුව බව දකිනවා. සෑම ට්‍රැක්ටර් හිමියෙක් මෙන්ම රියදුරන්ද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහ ඉලුප්පල්ලම, ගොවිපල යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබා ගැනීමට යොමුවෙනවා නම් මෙවැනි අනතුරු බොහොමයක් වැළැක්වේවි..!