IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි කරන්න උත්සහ කළේ නෑ

ස්විට්සර්ලන්තය කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට හානි කිරීමට අදහස් කළේ නැතැයි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව දශක ගණනක් මුළුල්ලේ විශිෂ්ට සබඳතා පවත්වාගෙන පැමිණි බවත් අංශ රැසකින් සහයෝගීතාව වර්ධනය කරගත් බව එම නිවේදනයේ දැක්වේ.

තානාපති කාර්යාලයේ සේවය කළ දේශීය කාර්ය මණ්ඩල සාමාජිකවක සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් ඇති වූ අනවබෝධය නිසා දෙරටේ සබඳතාවලට බාධා එල්ල වූ බවත් තානාපති කාර්යාලය එම නිවේදනයේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශය සහ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අදාළ සටහන මාධ්‍ය නිවේදනයක් ලෙස එකවර නිකුත් කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව දශක ගණනාවක් මුළුල්ලේ විශිෂ්ට සබඳතා පැවැත්වූවා සහ අංශ ගණනාවකින් සහයෝගීතාව පවත්වා ගනිමින් දෙරටටත් දෙරටේ ජනතාවටත් ප්‍රතිලාභ ගෙන දීමට සමත් වුණා. රටවල් දෙකම මෙම සබඳතා ඉතා ඉහළින් අගය කරනවා.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ දේශීය සේවිකාවක සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් ඇති වූ අනවබෝධය නිසා දෙරටේ සබඳතාවලට බාධා එල්ල වුණා. ශ්‍රී ලංකා බලධාරීන් අදාළ සේවිකාව අත්අඩංගුවට ද ගත්තා. මෙම සිදුවීම මුල් කරගනිමින් තහවුරු නොකළ පුවත් රැසක් මහජනතාව අතර ප්‍රසිද්ධියට පත්වූ අතර එම නිසා දෙරටේ සුහද සබඳතාවලට අනවශ්‍ය පීඩනයක් එල්ල කළා. එම කිසිදු අවස්ථාවකදී ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට හානි කිරීමට ස්විට්සර්ලන්තය අදහස් කළේ නැහැ.

මෙම සිදුවීම් නිසා අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම ප්‍රශ්න කිරීමට ලක්වූ අතර ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය සිය කනස්සල්ල පළ කරනවා. ශ්‍රී ලංකාව යහපාලනය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට කැප වී සිටින බව ද ස්විට්සර්ලන්තයට නැවත වරක් තහවුරු කළා.

දෙරට අතර යහපත් සබඳතා නැවත ආරම්භ කිරීමට හැකි පරිසරයක් ඉක්මනින් ඇති වනු ඇතැයි තානාපති කාර්යාලය බලාපොරොත්තු වෙනවා. දේශීය කාර්යමණ්ඩලය රටේ නීතිවලට අනුව කටයුතු කළ යුතු බවද තානාපති කාර්යාලය පිළිගන්නවා. එමෙන්ම සියලූම රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස්වල සුබසිද්ධිය සහ වැඩ පරිසරය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බව ද තානාපති කාර්යාලයට ඒත්තු ගැන්වූවා. අනෙකුත් රටවල තිබෙන සිය දූත පිරිස්වල ආරක්ෂාව තහවුරු කිරීම ඕනෑම රජයක වගකීමක් යැයි ද ස්විට්සර්ලන්තය මෙහිදි සිහිපත් කරනවා.

ශ්‍රී ලංකාව සමඟ තිබෙන සබඳතා ඉතාම වැදගත් බවත් එම සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යෑමටත් ඵලදායී අයුරින් සබඳතා ශක්තිමත් කිරීමටත් ස්විට්සර්ලන්තය කැප වී සිටින බව ද මෙහිදි සඳහන් කළ යුතුයි. අන්‍යෝන්‍ය ගෞරවය සහිතව දෙරට අතර සබඳතා ගොඩනැගීම සඳහා ද රටවල් දෙකම එක්ව කටයුතු කළ යුතු බව ද මෙහිදි සිහිපත් කළ යුතුයි. කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශයට සිය ඉහළම ගෞරවය සහතික කිරීමට ද මෙය අවස්ථාවක් කරගන්නවා.”

055



අදහස් (0)

ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි කරන්න උත්සහ කළේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26934 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18170 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10874 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 623 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 183 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 843 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site