IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


‘ රැකියා නොදී තරුණයින් රැවටු ආණ්ඩුවලට පාඩමක් උගන්වනවා‘

(මුදිතා දයානන්ද)


සම්මුඛ පරීක්ෂණ  දෙක දෙක පවත්වා අහෝසි කළ පත්වීම්, නැවත ලබා නොදුන්නොත් සමස්ත තරුණ බලවේගයම සමඟ පාරට බැස තරුණයින්ට සෙල්ලම් දාන ආණ්ඩුවලට පාඩමක් උගන්වන්න තම සංවිධානය සූදානම් යැයි  සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අද (19) පැවසීය.

එරංග මහතා මෙසේ පැසවූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය. 


එහිදි තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.


            රැකියා දස ලක්ෂයක් දෙනවා කියලා ඇවිත් මෙතෙක් දීපු රැකියාවක් නැහැ. විරැකියාවෙන් පෙළෙන ලක්ෂ තිස්හතක් රට පුරා ඉන්නවා. එයින් හැට දාහක් උපාධිධාරින්. පහුගිය ජුලි මාසේ පත්තරවල දැන්වීම් දාලා උපාධිධාරින්ගෙන් අයදුම්පත් කැඳවලා සම්මුඛ පරික්ෂන පවත්වලා අගෝස්තු 20 වැනිදා ශබ්ද නගලා 4053කට පත්විම් ලිපි භාරදුන්නා. 


එහෙම ආපු 4053න් හැටක් ඒ වෙලාවෙම ආපහු හරවාල යැව්වා ලැයිස්තුවේ නම නැහැ කියලා. ඒ අයගෙන් 13ක්ම මඩකලපුවේ ඉඳලා ආපු අය. ඊට පස්සේ සැප්තැම්බර් 07 වැනිදා ආයතනවලට ලියුමක් ගහනවා මේ අය නැවත සම්මුඛ පරික්ෂනයකට කැඳවා ඔවුන්ගේ උපාධිය බාහිරද අභ්‍යන්තරද කියලා පරික්ෂා කරන්න. ආයතනයට ගනු ලබන්නාගේ උපාධිය අභ්‍යන්තර විම, වයස අවුරුදු තිස්පහට අඩුවිම, සුදුසුකමක් සේ සළකන්න, උපාධියේ වලංගු දිනය සළකා බලන්න ආදී දේ පරීක්ෂා කරන්න කියලා. ඉන්පසුව පත්විම් ලාභීන්ට ලියුමක් එවා තිබෙනවා බාහිර උපාධිධාරීන්ට පත්විම දුන්නේ වැරදීමකින්. අභ්‍යන්තර උපාධිධාරීන්ට පමණයි පත්විම් ලබාදෙන්නේ කියලා. 


            දීපු රස්සාවත් ආපසු අරන්, බොහෝ බලාපොරොත්තු ඇතිව රැකියාව ලබාගත් උපාධිධාරින් උස්සා පොළොවේ ගැසුවා සේ නැවත හිටියාටත් වඩා පහළට ඇද දමලා. ඒ විතරක් නෙවෙයි උපාධිය අභ්‍යන්තරද බාහිරද කියලා බෙදීමක් ඇති කරලා එයට රටේ පෞද්ගලික ආයතනයක හෝ තිබුණ පිළිගැනීමත් නැති කරලා.


            අපි ආණ්ඩුවට මතක් කරනවා තරුණයින් සමඟ සෙල්ලම් කරන්න හදන්න එපා. ලබාදුන් පත්විම් අවලංගු කිරීමේ තීන්දුව හකුලාගන්න. එසේ නොකරන්නේ නම් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ක‍්‍රියාවලියක නිරත වන්නත් සුදානම්


            වසර හැත්තෑවක් තිස්සේ මේ රට පාලනය කළ හැම ආණ්ඩුවක්ම තරුණ තරුණියන්ගේ හීන විකුණා බලයට ඇවිත් ඒ හීනවලට පයින් ගසා තමන්ගේ හිතුමතේට වැඩ කළා. මේ ආණ්ඩුවත් ඒ ආකාරයටම තරුණ පරපුරට හින ගොඩක් පෙන්නලා බලයට ආවත් මෙතෙක් කරපු කිසිම දෙයක් නැහැ. 

( ඡායාරූපය ගයාන් අමරසේකර)



අදහස් (0)

‘ රැකියා නොදී තරුණයින් රැවටු ආණ්ඩුවලට පාඩමක් උගන්වනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1164 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site