(දයාරත්න ඇඹෝගම)
ජිවිත රැසක් රටට අහිමි කරමින් රුපියල් බිලියන ගණනක රාජ්‍ය දේපල විනාශ කරමින් ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් මේ රටට බලහත් කාරයෙන් ගෙන ආ පළාත් සභා ක්‍රමය එක්සත් ජතික පක්ෂ රජයක් යටතේම අකර්මන්‍ය කිරිම දෛවපෝගත සිදුවිමක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රරසේන මහතා පැවසිය.
අනුරාධපුර මාතලේ හන්දිය,කුරැන්දන්කුලම පිහිටි ඒ මහතාගේ නිවසේදි අද (17)දින පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව පැවසිය.
මෙම මාධ්‍ය හමුවේදි එස්.එම්.චන්ද්‍රරසේන මහතා මෙසේද පැවසිය.
පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබෙනවා. සබරගමුව හිටපු මහ ඇමති මහිපාල හේරත් මහතා සහ උතුරැ මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති රංජිත් සමරකෝන් යන මහත්වරු දෙදෙනා විසින්.මේ සම්බන්ධයෙන් උපදේශකවරයා වශයෙන් කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය ජී.එල්.පිරිස් මහතා විසින්. ඒ වාගේම මාර්තු මස 29 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේත් මෙම නඩුව විභාගයට ගැනිමට දින නියම කොට තිබෙනවා.
අපි මේ අධිකරණ සියල්ලෙන්ම බලාපොරොත්තු වන්නේ සාධාරණ තීන්දුවක් ලැබෙයි කියලා.මොකද මේවන විට පළාත් සභා හයක් විසුරැවලා තිබෙනවා.විශේෂත්වය වන්නේ උතුරැ නැගෙනහිර පළාත් සභාත් විසුරැවලා තියෙන්නේ.
ඒදා රජිව් ගාන්ධි අගමැතිවරයාත්,ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන විට මේ රටේ ජනතාව කෝප වෙලා ලයිට් කණු කඩලා,බස්රථ ගිණිතියලා,රාජ්‍ය දේපල විනාශ කරලා, විශාල පිරිසක් ජිවිතක්ෂවයට පත් වුනේ මේ පළාත් සභා නිසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය කරලා,රටේ විශාල පිරිසකගේ ජිවිත බිල්ලට දිලා පළාත් සභා ක්‍රමය මේ රටේ ස්ථාපිත කරපු ජේ.ආර්.ජයවර්ධන මහත්මයාගේ ආණ්ඩුව,ජේ.ආර් මහත්තයාගේ බැණා ඉන්න කාලේ පළාත් සභා අක්‍රමණ්‍ය කිරිම ගැන කණගාටු වෙනවා.මේක ඉතිහාසයේ දෛවපෝගත සිද්ධියක් ලෙස අපි දකිනවා.
මේ අප්‍රේල් මාසය වන විට තවත් පළාත් දෙකක් විසිරෙනවා.එතකොට පළාත් සභා අටක ආයු කාලය අවසන්ව තිබෙනවා.එවිට රටේ පළාත් සභා සියයට අනුවක් පමන අක්‍රමන්‍යය වෙනවා.මේකෙන් වෙන්නේ පළාත් සභාව තුල ඉන්න ජනතාව අසරණ වෙන එකයි.උතුරැ මැද පළාත තුල ජිවිත්වන මහජන නියෝජිතයෙක් විදියට අපි ලගට ජනතාව ඇවිල්ලා කියනවා විදුලේ තියෙන අඩුපාඩු ගැන කියන්න කෙනෙක් නැහැ.නිලධාරි ගනන් ගන්නේ නැහැ කියනවා.
වැව හදා ගන්න ගියාම ඒකට මුදල් නැහැ කියනවා.රෝහල් ප්‍රශ්න,පාසල් ප්‍රශ්න,ඒ වාගේ මහජන ප්‍රශ්න වලට,ගැටළු වලට විසදුම් දෙන්න ආයතනයක් නැහැ.පළාත් සභාවේ බලතල මධ්‍යම රජයේ නැහැ.ඒ බලතල තියෙන්නේ පළාත් සභාවේ.ඒකට මහ ආණ්ඩුවට කරන්න දෙයකුත් නැහැ.මේක බරපතල ප්‍රශ්නයක්.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පළාත් සභා ක්‍රමය ගෙනා එජාප රජයක් යටතේම එය අකර්මන්‍ය වෙලා