(නාලක සංජීව දහනායක)
මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමෙන් තොරව විනීතව හා නීතිගරුකව ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සියලූම දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් නියෝජිතයන්ට දැනුම්දී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලූම සාමාජිකයන් උපරිමයෙන්ම මැතිවරණ නීති ආරක්‍ෂා කළ යුතු අතර මැතිවරණ නීතිය කඩකිරීමට කිසිවකුට ඉඩනොතබන ලෙස ද අවධාරණය කර ඇත.
තම පක්‍ෂයට මෙවර ජනාධිපතිවරණය සුවිශේෂී මැතිවරණයක් බැවින් තම පක්‍ෂයේ ජයග‍්‍රහණය සඳහා දිය හැකි උපරිම සහය ලබදෙන ලෙස ද ඔහු දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයන්ගෙන් හා පොදුජන පෙරමුණට සහය දක්වන සියලූම දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද කර ඇත.
බත්තරමුල්ල,නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයන්ගේ හා සෙසු දේශපාලන පක්‍ෂ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොහොට්ටුවේ ප්‍රචාරණ විනයානුකූලව කරන්නැයි බැසිල්ගෙන් උපදෙස්