IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


‘පොලිස්පතිට - ආරක්ෂක ලේකම්ට වරද පටවා වගකිවයුත්තන්ට මහගරින්න බෑ‘

(නිමල කොඩිතුවක්කු)

පොලිස්පතිතුමාටත්  හිටපු ආරකෂක ලේකම්වරයාටත්  පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම පවරා දෙමින් ප‍්‍රහාරයට වගකිවයුතු බලධාරීන්ට අත හෝදගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

රාජපක්ෂ යුගයේදී දුරකතනයෙන් මෙහෙය වූ අධිකරණය යහපාලන රජය යටතේ  වඩාත් ස්වාධීනව කටයුතු කරන බවට දිගින් දිගටම ලැබෙන අධිකරණ තීන්දු මගින් තහවුරු වන්නේ යැයිද මන්ත‍්‍රීවරිය සදහන් කළාය.

කොළඹ අරලියගහ මන්දිරයේ   අද(10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය මෙසේද කීවාය.

   ‘‘මේ රජය බිහිවුනාට පසුව  පසුගිය වසර හතරහමාරක කාළය තුළ අධිකරණයේ ස්වාධිනත්වය තහවුරු කරලා තියෙනවා. මේ කාළය තුළ සැලකිය යුතු නඩු ප‍්‍රමාණයක් විසදලා තියෙනවා.  ඒ වගේම ඒ වින්දිතයන්ට සාධාරණයක් ලැබිලා තියෙනවා. මමත් යහපාලන රජය බිහිවුනාට පස්සේ අධිකරණයේදි  සාධාරණ තින්දුවක් ලබා ගත් අයෙක්.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බනන්ධයෙන් පොලිස්පතිවරයා සහ හිටපු  ආරක්ෂක ලේකම්වරයාට ඇප නියම කරමින්  විනිසුරුතුමිය ඉතිහාසගත තීන්දුවක් ලබා දීලා තියෙනවා.පොලිස්පතිතුමාටත්  හිටපු ආරකෂක ලේකම්වරයාටත්  පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකිම පවරලා දෙමින් මේකට වගකිවයුතු බලධාරීන්ට අත හෝදගන්න බැහැ. සමහර මාධය සහ ඇතැම් පිරිස් මේ ප‍්‍රහාරයට වගකිවයුතු පිරිස් ගැන වහලා කතා කරන්න හැදුවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් අදාල දේශපාලන  බලධාරීන්ට ඇඟිල්ල දිගු වෙනවා.

සේනාධිනායකයා විදියට, ආරක්ෂක අමාත්‍යවරයා විදියට, නීතිය  හා සාමය අමාත්‍යවරයා විදියට  ජනාධිපතිවරයා විසින් පැහැදිලිව  මෙය මඟහැර ඇති බව ඉතාමත්ම පැහැදිලිවෙනවා.  ආරක්ෂක ලේකම්තුමාගේ සහ  පොලිස්පතිතුමාගේ සාක්ෂි වලින් එය පැහැදිලිව පෙනුණා.

දින 52 සමයේදිත්  විධායකය අභිබවා අධිකරණය ජයගත් අවස්තාව අපි දැක්කා. ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ලබා දුන් මේ තීන්දුවත් ඒ වගේ. පාස්කු ඉරිදා  ප‍්‍රහාරය ගැන සෙවීමට ජනාධිපතිවරයා විසින් එක්තරා කමිටුවක් නිර්දේහ කරලා තියෙනවා.  ඒ කමිටුව අඩුම තරමින්  ගැසට් කරපුවත් නැති කමිටුවක් කියලා මේ වනවිට  ඔප්පු වෙලා තියෙනවා. ඒ කමිටුවෙන් එන  යෝජනා මගින්  තවත් කෙනෙකු සතුටු කරලීම  සදහා අධිකරණයට හිතෙන හිතෙන  විදියට තීන්දු ලබා දිය නොහැකි බවත් විනිසුරුතුමිය  ප‍්‍රකාශ කලා. මේක ඉතිහාසගත තීන්දුවක්. ඇත්තටම දියුනු රටවල මෙන්න මේක තමයි තත්වය.

රාජපක්ෂ රජය සමයේදි  දුරකථනයෙන් කතා කරලා නඩු තීන්දු තීරනය කලා කියලා අපි අහලා තියෙනවා.  සමහර නඩු තීන්දු තමන්ට අවශය විදියට  ලැබිලා නැති නිසා අපි දැක්කා  අග‍්‍රාවිනිශ්චයකාරවරිය පවා ධූරයෙන්  ඉවත් කරනවා.අද එහෙම නැහැ. අද මේ ආණ්ඩුව විසින් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරලා තියෙනවා. කිසිම දේශලපාලන නායකයෙකුට තබා  විධායකයටවත් අද බැරි වෙලා තියෙනවා අධිකරණයට ඇඟිලි ගහන්න’’ යැයිද මන්ත‍්‍රීවරිය එහිදී පැවසුවාය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)



අදහස් (2)

‘පොලිස්පතිට - ආරක්ෂක ලේකම්ට වරද පටවා වගකිවයුත්තන්ට මහගරින්න බෑ‘

jayasekara Wednesday, 10 July 2019 08:53 AM

මෙයා අායෙමත් නින්දෙන් ඇහැරිලාද? නැත්නම් .." මෙටර්නිටි ලීව් " ඉවර වෙලාද?

:       0       1

max Wednesday, 10 July 2019 09:24 AM

අනේ නෝනේ, විහිළු කරන්න එපා. ඔබතුමීලා 2015දී අපට කියූ සුරඟන කතා අපට මතකයි. ඒ සියල්ල බොරු නම් ඒ බවත් දැන් හොඳටම ඔප්පුවෙලා ඉවරයි. ඔබත් ඇතුළු මේ ආණ්ඩුවේ සියලු දෙනා වේදිකාවෙන් හැකි ඉක්මණින් බැස යේවා යනු පොදු ජනතාවගේ එකම මනාපයයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site