IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘ගෝඨා රැකගෙන වෙල්ගමට මඩ ගැසුවේ මහින්දගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන්නැයි’

(නිමල කොඩිතුවක්කු )
 
ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර මන්ත‍්‍රීවරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කරගනිමින් කුමාර වෙල්ගම මහතාට මඩ ගැසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ තවත් කොන්ත‍්‍රාත්තුවක් ඉටුකිරීමට යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය  අමාත්‍ය  නලීන් බණ්ඩාර මහතා කොළඹදී අද (16) පැවසීය.


ඉදිරි ජනාධිපතිවරණය සඳහා රාජපක්ෂවරුන් තිදෙනෙකුගේ නම් යෝජනා වීමෙන් මහින්ද රාජපක්ෂ මහතා බෙල්ල මුලටම හිරවී ඇති බවත්  නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මාර්ග අනතුරු සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.


මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නියෝජ්‍ය  අමාත්‍ය  නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.


 ‘‘ මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවේ තියාගෙන  මහින්දානන්ද අලූත්ගමගේ,  ලොහාන් රත්වත්තේ, දිලූම් අමුණුගම යන මහත්වරුන් එක්ව කුමාර වෙල්ගම මහතාට එරෙහිව විශාල  චෝදනාවක් එල්ල කලා. මේ වචන පිටවුණේ මේ තුන්දෙනාගේ කටින් වුණත් ප‍්‍රධාන වේදිකාවේ  හිටපු මහින්ද රාජපක්ෂ මහතා තමයි මේකේ ස්වීච් එක එබුවේ කියලා තමයි අපි විශ්වාස කරන්නේ.


වෙල්ගම මහතා දිගින් දිගටම ගෝඨාභයට, බැසිල්ට එතුමන්ගේ විරෝධය පල කළා. එනපොට හොද  නැහැ කියලා තේරුම් ගත්ත මහින්ද රාජපක්ෂ මහතා ස්විච් එක  ඔබලා කිවුවා අද ගහපල්ලා වෙල්ගමට කියලා. 


 

( ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (0)

‘ගෝඨා රැකගෙන වෙල්ගමට මඩ ගැසුවේ මහින්දගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන්නැයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site