IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඩයලොග් සමාගම සහ සම්පත් බැංකුව එක්ව සංචාරක ඉන්ධන අවසරපතහඳුන්වාදෙයි

ශ්රීත ලංකාවට පැමිණෙන සංචාරකයන්ට සීමාවකට යටත්වීමකින්තොරව ඉන්ධන සැපයේ - බලගැන්වීම - ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව, IOC සහ MillenniumIT ESP

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ සංචාරක අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව ඩයලොග් ආසිආටාපීඑල්සී සමාගම සම්පත් බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට සම්මත ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීමට පහසුකම් සැලසීම වෙනුවෙන් සංචාරක ඉන්ධන අවසරපත (Torurist Fuel Pass) හඳුන්වාදීමට කටයුතු කරන ලදී. ඒ අනුව දිවයිනට පැමිණෙන සංචාරකයෙකුට තම රටේ භාවිත වන විදේශ මුදල් ඒකකය උපයෝගී කරගනිමින් ඕනෑම සම්පත් බැංකු ශාඛාවකින් සංචාරක ඉන්ධන අවසරපතමිලදීගත හැක. මෙම අවසරපතMilleniumIT ESP සමාගම විසින් සංවර්ධනය කරන ලද Touch Fuel ක්‍රමවේදය හරහා බලගැන්වෙන අතර දිවයින පුරා පිහිටි තෝරාගත්සිපෙට්කෝ සහ IOC ඉන්ධන පිරවුම්හල්වලින් මෙම සේවාව ලබාගත හැක.

සංචාරකයන්ට මෙම ඉන්ධන අවසරපත භාවිතයෙන් ඉන්ධන මිලදීගැනීමට පමණක් ගෙවීම් කිරීම සඳහා මෙවැනි කාඩ්පතක් නිකුත් කිරීමට  ඩයලොග් සමාගමට අදාළ අනුමැතිය හිමිවී තිබේ. Touch Fuel සේවාව දිවයින පුරා පිහිටි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 300කදී ලබාගත හැකි අතර ඔක්තෝබර් මාසය අවසන් වන විට එම සේවාව පිරවුම්හල් 500 කට වැඩි සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙරටට පැමිණෙන සංචාරකයන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිවිසුමේ ශාඛාව ඇතුළුව දිවයින පුරා පිහිටි සම්පත් බැංකු ශාඛා 229න් ඇමරිකානු ඩොලර් 5 කට ඉන්ධන අවසරපතමිලදීගත හැක. යම් හෙයකින් සංචාරකයෙකුට ඉන්ධන අවසරපත සම්බන්ධයෙන් අතිරේක තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් https://fuelpass.gov.lk/touristpass වෙත පිවිසීමෙන්ද,පැය 24 පුරා ක්‍රියාත්මක වන 1393 ක්ෂණික අංකය ඇමතීමෙන් ද දැනුම්වත් විය හැකීයි. මෙම ඉන්ධන අවසරපත ඇමරිකානු ඩොලර් 50 ක අවම සහ ඩොලර් 300 ක උපරිම top -up අගයකින් යුතු වන අතර ඊට අදාළ ගෙවීම පිළිගත් විදේශ මුදල් ඒකකයකින් ගෙවිය හැකිවේ. මෙම අගය එදිනට නියමිත විදේශ විනිමය අනුපාත වටිනාකම අනුව රුපියල් වලට පරිවර්තනය කර එයින් සහන ගාස්තුවක් අයකර ගැනේ. ඉන්ධන අවසරපත වෙනුවෙන් නිකුත් කරනු ලබන කාඩ්පත එය සක්‍රිය කරන දින සිට වසර දෙකක කාලයක් සඳහා වලංගු වේ. ඉන්ධන අවසරපත වෙනුවෙන් නිකුත් කෙරෙන කාඩ්පතක් නැතිවුවහොත් හෝ පළුඳුවුවහොත් දිවයින පුරා පිහිටි ඕනෑම සම්පත් බැංකු ශාඛාවකින් ඒ වෙනුවට නව කාඩ්පතක් ලබාගැනීමේ හැකියාව පවතී.

සංචාරක ඉන්ධන අවසරපතහඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු කංචන විජේසේකර මැතිතුමා “ශ්‍රී ලංකාවට පැමිණ සංචාරයේ නියැලීමට බලාපොරොත්තුවෙන් සිටින, රටේ පවතින ඉන්ධන තත්වය පිළිබඳව සැලකිලිමත් වන විදේශසංචාරකයින්ට මෙහි පැමිණීම උනන්දු කරවමින් සංචාරක ඉන්ධන අවසරපතක්හඳුන්වාදීමටහැකිවීමපිළිබඳව අපි සතුටු වෙනවා.මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මම ඩයලොග් ආසිආටාපීඑල්සී සමාගමට, සම්පත් බැංකුවට, ඩයලොග් සමාගමේ තාක්ෂණික සහකරු වන MillenniumIT ESP සමාගම,  ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට මම ස්තුතිවන්ත වෙනවා. මේ ලස්සන දිවයිනට පැමිණෙන සියලුම අමුත්තන්ට සුරක්ෂිත පහසු වටපිටාවක් සකස් කරදීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය නිරතුරුව කැපවී සිටිනවා.සංචාරක ඉන්ධන අවසරපතහඳුන්වාදීමට කටයුතු ඒ වෙනුවෙන් අප ගත් තවත් එක් පියවරක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.”

සංචාරක ඉන්ධන අවසරපත එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙලෙස අදහස් දක්වන ලදී.”සංචාරක සමයේ අරම්භයත් සමඟ මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් මේ ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම සතුටට කරුණක්. මෙරට සමාගම් ක්ෂේත්‍රයේ දැවැන්තයන් දෙදෙනෙකු වන, ඒ වගේමනවෝත්පාදන හා නව තාක්ෂණයේ ප්‍රමුඛයින් දෙදෙනෙකු මෙන්ම අපේ රටේ මිනිසුන්ට පැහැබර අනාගතයක් නිර්මාණය කරදීම වෙනුවෙන් කැපවී සිටින ඩයලොග් ආසිආටා සහ සම්පත් බැංකුව විසින් බලගන්වන මේ වැඩපිළිවෙලපිළිබඳවඅපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම මේ ඉන්ධන අවසරපතහඳුන්වාදීමට සහාය වූ MIT, සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී සමාගම්වලටත් මම ස්තුතිවන්ත වෙනවා.සංචාරයට සුදුසු, ආගන්තුක සත්කාරයෙන් පරිපූර්ණ ශ්‍රී ලාංකිකයන් වන අප සැම ආදරය කරන අපේ මේ සුන්දර දිවයිනේ වටිනාකම මුළු ලෝකයටම ප්‍රදර්ශනය කරන්න පුද්ගලයන් සහ සමාගම් වශයෙන් අපි සැවොම එකට එක්විය යුතුයි. ඒ වගේම ඊට දායකවෙමින් මේ අවස්ථාවට එක්ව සිටින හැමෝටම මගේ ප්‍රණාමය පුදකර සිටිනවා.”

ඩයලොග් ආසිආටාපීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා “අභියෝග ජයගෙන සංවර්ධන කටයුතු වේගවත් කරන ඩිජිටල් ක්‍රමවේද හඳුන්වාදීම වෙනුවෙන් පෞද්ගලික අංශය සමඟ එක්වසහයෝගීත්වයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට වගේම සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයට  ඔවුන් ගන්නා නිරන්තර උත්සාහයන් වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. සංචාරක ඉන්ධන අවසරපතහඳුන්වාදීමටහැකිවීම අපට සතුටක් වගේමඉදිරියේදී මෙරටට සංචාරකයන් බහුලව පැමිණෙන කාලසීමාව වෙනුවෙන් කාලෝචිත  පියවරක් වශයෙන් සංචාරක ඉන්ධන අවසරපතහඳුන්වාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේ පාර්ශකරුවන් වන සම්පත් බැංකුවට, MIT, ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට මම ස්තුතිවන්ත වෙනවා.”

මෙම හවුල්කාරීත්වයපිළිබඳව සිය අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා, “විදේශීය සංචාරකයින් වෙනුවෙන්මහඳුන්වාදෙන නව ඉන්ධන අවසරපත සඳහා ඩයලොග් ආසිආටාපීල්සී සමාගම, සහ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සමඟ නිල බැංකු හවුල්කරු වශයෙන් ඊට සම්බන්ධවීමට හැකිවීමපිළිබඳව සම්පත් බැංකුවේ අපි ඉතාමත් සතුටු වෙනවා. මෙම වැඩපිළිවෙල හරහා රටට විදේශ විනිමය රැගෙන ඒමට සමත්වනවාසේම දිවයිනට පැමිණෙන සංචාරකයින්ට කිසිදු අපහසුවකින් තොරව මෙරට තුළ සිය සංචාරයන්සිදුකිරීමට ප්‍රමාණවත් තරම් ඉන්ධන සැපයීමක් දසිදුවෙනවා. මෙවැනි අවිනිශ්චිත කාලසීමාවක වුවද අපේ රටට ශක්තියක් වීමට අපි උත්සාහයක නිරතවන බව සඳහන් කරන අතරම, අපේ රට යළි නගාසිටුවීමටඋරදෙන මෙවැනි ව්‍යාපෘතියකට සම්බන්ධවීමට ලැබීම අප ලැබූ වරප්‍රසාදයක්.”

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා මහතා අදහස් දක්වමින් “සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය බලගැන්වීම වෙනුවෙන් සෙසු පාර්ශවකරුවන් සමඟ එක්ව මෙවැනි කාලෝචිත සංචාරක ඉන්ධන අවසරපතක්හඳුන්වාදීම වෙනුවෙන් අපගේ දායකත්වය ලබාදීමටහැකිවීම අපට මහත් ආඩම්බරයක්.සුන්දර නිවාඩුවක් ගතකිරීම සඳහා මේ දිවයිනට පැමිණෙන සංචාරකයන්ට ප්‍රායෝගික වගේම ඔවුන්ට භාවිතයට පහසු ඩිජිටල් ක්‍රමවේද සලසමින් ඔවුන්ට සුවපහසු අත්දැකීමක් සැලසීම අපට අභියෝගයක් වූවා සේම මහත් සතුටක්.සංචාරක ඉන්ධන අවසරපතහඳුන්වාදීම වෙනුවෙන් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සමඟ අත්වැල් බැඳගත්සියලුම ආයතනවලට අපි ස්තුතිවන්ත වෙනවා. මේ ක්‍රියාමාර්ගය හරහා අපේ රටේ අනාගත සංචාරක ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් උදාකරමින් නව දොරගුළු විවර කර රටේ ආර්ථිකය ඉහළ තලයකට ඔසවා තබන්නට හැකියාව හිමිවේයැයි මම ප්‍රාර්ථනා කරනවා.”

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා අදහස් දක්වමින් “අතිතිදේවෝ භාව - අමුත්තා දෙවියන්ට ඉතා සමීප කෙනෙක්. දිවයිනට පැමිණෙන සංචාරකයින්ට මෙරට සියලුම ලංකා ඉන්දියන් ඔයිල් පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේ හැකියාව තහවුරු කරන සංචාරක ඉන්ධන අවසරපතහඳුන්වාදීම වෙනුවෙන් ඩයලොග් ආසිආටාපීඑල්සී සමාගමට, සම්පත් බැංකුවට වගේම ඩයලොග් සමාගමේ තාක්ෂණික හවුල්කරු වශයෙන් කටයුතු කළ Millennium IT ESP සමාගම යන ආයතන සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙරට සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට නැවත වරක් දැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙන අවස්ථාවක මෙරට සංචාරයේ නිරතවෙමින් සුන්දර නිවාඩුවක් ගතකිරීමට අදහස් කරන සංචාරකයන් වෙනුවෙන් සුදුසුම අවස්ථාවක මෙම සංචාරක ඉන්ධන අවසරපතහඳුන්වාදීමසිදුවන බව අපේ විශ්වාසයයි.”

 

 “රටේ ආර්ථික අර්බුදයක් පැවතියද විදෙස් සංචාරකයන්ට මෙරටට පැමිණීම උනන්දු කරවමින් සංචාරක ඉන්ධන අවසරපතහඳුන්වාදීමේවැඩපිළිවෙලට අපටද හවුල්වීමටහැකිවීම සතුටක්. මෙම ක්‍රියාවලිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, ඩයලොග් ආසිආටාපීඑල්සී, සම්පත් බැංකුව, ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම වැනි පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සුංයෝගයෙන්සිදුවූ මහඟු කාර්භාරයක්. ජාතික අර්බුදයක් හැකිතාක් අවම කිරීම වෙනුවෙන් තාක්ෂණයට ඉක්මනින් විසඳුම් ලබාදීමේ හැකියාව පවතින බවට මෙය කදිම උදාහරණයක්.” Millennium ESP සමාගමේ සමූහ ප්‍රධාන විධායක ශෙවාන් ගුණතිලක මහතා සඳහන් කළේය.

 

සංචාරක ඉන්ධන අවසරපත නිල වශයෙන් හඳුන්වාදුන් අවස්ථාව

ඡායාරූපයේ වමේ සිට දකුණට: ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා මහතා, ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා, Millennium ESP සමාගමේ සමූහ ප්‍රධාන විධායක ශෙවාන් ගුණතිලක මහතා , ඩයලොග් ආසිආටාපීඑල්සීහි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය, සම්පත් බැංකුවේ  කළමනාකාර අධ්‍යක්ෂ - නියෝජිත අයෝධ්‍යාඉද්ද්වෙල පෙරේරා මහත්මිය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා, ඩයලොග් ආසිආටාපීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ /සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු කංචන විජේසේකර මැතිතුමා, සංචාරක හා ඉඩම් අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මැතිතුමා, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමා විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.වී. චානක මැතිතුමා, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලකගජබාහු මහතා, සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී සහ ලේකම් ලසන්ත සේනාරත්න මහතා.



අදහස් (0)

ඩයලොග් සමාගම සහ සම්පත් බැංකුව එක්ව සංචාරක ඉන්ධන අවසරපතහඳුන්වාදෙයි

ඔබේ අදහස් එවන්න

Other

Elephant House Super Heroes දෙවන අදියරේ අවසන් මහා තරගය
2024 ජනවාරි මස 26 15 0

ගුණාත්මකභාවය හා නව්‍යකරණය තම ප්‍රමුඛ අරමුණ කරගත් දේශීය සන්නාමයක් වන Elephant House අභිමානයෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ සුවිශේෂි දක්ෂතා ප්‍රදර


IMM Consult ශ්‍රී ලංකාවේ කොළඹ නව කාර්‍ය්‍යාලය විවෘත කිරීමත් සමඟ ගෝලීය පැවැත්ම පුළුල් කරයි.
2023 දෙසැම්බර් මස 04 37 0

ඩුබායි හි මූලස්ථානය කර ගත් ප්‍රමුඛ පෙළේ සංක්‍රමණ උපදේශන සමාගමක් වන IMM Consult, සිය නවතම කාර්යාලය කොළඹ දී උත්සවාකාරයෙන් විවෘත කිරීම දැනුම් දෙනුයේ මහත් උද්යෝ


ත්‍රස්තවාදයට මුදල් දීම නවත්තන්න ජාතික ප්‍රතිපත්තියක්
2023 අගෝස්තු මස 08 416 0

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්ම


Elephant House, Lanka Premier League 2023 සමඟ අත්වැල් බැඳගනී
2023 අගෝස්තු මස 04 31 0

ශ්‍රීලංකාවේවඩාත්මවිශ්වසනීයමආහාරපානසන්නාමයවනඑලිෆන්ට්හවුස්, ශ්‍රීලංකාවේවිශාලතම T20 ප්‍රිමියර්ලීගයවන“Lanka Premier League 2023”සමඟඅත්වැල්බැඳගත්බවසතුටින්දැනුම



ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි
2023 මැයි මස 29 692 3

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site