IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


IMM Consult ශ්‍රී ලංකාවේ කොළඹ නව කාර්‍ය්‍යාලය විවෘත කිරීමත් සමඟ ගෝලීය පැවැත්ම පුළුල් කරයි.

ඩුබායි හි මූලස්ථානය කර ගත් ප්‍රමුඛ පෙළේ සංක්‍රමණ උපදේශන සමාගමක් වන IMM Consult, සිය නවතම කාර්යාලය කොළඹ දී උත්සවාකාරයෙන් විවෘත කිරීම දැනුම් දෙනුයේ මහත් උද්යෝගයෙනි. මෙම ව්‍යාප්තිය IMM Consult හි තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනුයේ  එය සංක්‍රමණ උපදේශන සේවා ක්ෂේත්‍රයේ අඛණ්ඩව ඵලදායි ලෙස ඉදිරියට ගමන් කරමින් පවතින නිසාවෙනි.

Shameer Nizar මහතා සහ Ghulam Madni මහතා විසින් ඩුබායි හි ප්‍රතිස්ථාපනය කරන ලද, IMM Consult සංක්‍රමණ උපදේශන සේවාව විශිෂ්ටත්වය සඳහා කැපවීම නිරූපණය කරමින්, ඉතා ශීඝ්‍රයෙන් විශ්වාසනීය නාමයක් බවට පත් ව, සංක්‍රමණ ක්‍රියාවලිය පිළිබඳ සොයන්නා වූ පුද්ගලයන්ට සහ පවුල්වලට උපකාර කිරීමේ මෙහෙවරක යෙදේ. මේ වන විටත් සමාගම ශක්තිමත් ස්ථාවර පැවැත්මක් ස්ථාපිත කර ගෙන ඇති අතර මෙම නව කොළඹ කාර්යාලය විවෘත කිරීම ගනුදෙනුකරුවන්ට විශිෂ්ඨ සේවාවක් ලබාදීම සඳහා  වූ එහි කැපවීම ශක්තිමත් කරනු ලබයි.

කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ නවසීලන්තය යන ප්‍රමුඛ පෙලේ රටවල් 5 ( 5 Eyes countries ) සඳහා විශිෂ්ඨ සංක්‍රමණ සේවාවක් සපයමින් IMM Consult අනන්‍යතාවය පවත්වා ගනිමින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීම කැපී පෙනෙන කාරණකි. ඉතා ඉහළ ඉල්ලුමක් සහිත මෙම ගමනාන්ත සඳහා වන සංක්‍රමණ ක්‍රියාවලිය හැසිරවීමට සමාගම සතු ගැඹුරු දැනුම සහ ප්‍රවීණත්වය හේතු කොටගෙන ඔවුන්ගේ සේවාව ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සේවාවක් ව තිබේ.

IMM Consult, එහි පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය ගැන ආඩම්බර වන අතර ම, එහි ගනුදෙනුකරුවන්ගේ අනන්‍ය වූ අවශ්‍යතා සහ තත්වයන්ට ගැලපෙන පරිදි සකසන ලද විසඳුම් ලබා දෙයි.  මනා පළපුරුද්දෙන් යුුතු සංක්‍රමණ උපදේශකයින් සහ නීති නිලධාරීන් කණ්ඩායමක් සමඟින්, සංක්‍රමණ කාර්යය මුුලුල්ලේ  සමාගම වෙන් වෙන්ව පුද්ගල අවධානය සහ නිරවද්‍ය මග පෙන්වීම සහතික කරයි.

IMM Consult හි සම-නිර්මාතෘ සහ උපදේශක Shameer Nizar පවසන ලද්දේ, IMM Consult හි ප්‍රවීණතාවය ශ්‍රී ලංකාවේ කොළඹට ගෙන ඒම පිළිබද සතුටු වන බවත්,  පුද්ගලයන් සහ පවුල් සඳහා වූ සංක්‍රමණ ක්‍රියාවලිය වඩාත් සුමට කිරීමට ඔවුන් දායක වන හෙයින් සූවිශේෂී මෙන් ම පුද්ගල මට්ටමෙන් වූ සේවාවක් සඳහා ඔවුන්ගේ කැපවීම නොසැලී පවතින බවත් ය. 

IMM Consult හි සම-නිර්මාතෘ සහ උපදේශක, Ghulam Madni ප්‍රකාශ කරන ලද්දේ ඔවුන්ගේ නව කොළඹ කාර්යාල විවෘත කිරීම තුළින් සිය ගමන් මග උපායමාර්ගිකව පුළුල් කිරීමේ සිය දැක්ම පිළිබිඹු කරන බවත්, 5 Eyes රටවල් සඳහා වන ඔවුන්ගේ විශේෂිත වූ සේවාව ලබා දීම තුළින් ශ්‍රී ලාංකිය ගනුදෙනුකරුවන්ගේ සංක්‍රමණ කාර්යයට දායක වීමට ඔවුන් ආශාවෙන් බලා සිටින බවත් ය.

ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි නව ශාඛාව, 5 Eyes රටවල් වෙත සංක්‍රමණය වීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සහ පවුල්වලට විස්තීර්ණ සංක්‍රමණ උපදේශන සේවා ලබා දෙමින්, කලාපය තුළ IMM Consult උපදේශකයන්ගේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරනු ඇත.  ලොව පුරා සිටින ගනුදෙනුකරුවන් සඳහා සංක්‍රමණ ක්‍රියාවලිය වඩාත් සුමට, කාර්යක්ෂම සහ ආතතියෙන් තොර බවට පත්කිරීමේ සමාගමේ දැක්ම සමඟ මෙම ව්‍යාප්තිය එක්ව පෙළ ගැසේ.

 

IMM Consult ජයග්‍රහණ සහ සන්ධිස්ථානවල තවත් සාර්ථක වසරක් සමරමින් සමාගම විශිෂ්ටත්වය, ඒකාග්‍රතාවය සහ සේවාදායක තෘප්තිය සඳහා කැපවී සිටී. වර්ධනයේ සහ සාර්ථකත්වයේ මෙම උද්යෝගිමත් පරිච්ඡේදය සැමරීම සඳහා අප හා එක්වන ලෙස අපි උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ට සහ සුභ පතන්නන්ට විවෘත ආරාධනයක්  කරන්නෙමු.

 

අපගේ සංක්‍රමණ සේවාවන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ විමසීම් සඳහා ;

අමතන්න +94777982379 හෝ

https://www.immconsults.com/ යන අපගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.



අදහස් (0)

IMM Consult ශ්‍රී ලංකාවේ කොළඹ නව කාර්‍ය්‍යාලය විවෘත කිරීමත් සමඟ ගෝලීය පැවැත්ම පුළුල් කරයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 100 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site