IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


Elephant House Super Heroes දෙවන අදියරේ අවසන් මහා තරගය

ගුණාත්මකභාවය හා නව්‍යකරණය තම ප්‍රමුඛ අරමුණ කරගත් දේශීය සන්නාමයක් වන Elephant
House අභිමානයෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ සුවිශේෂි දක්ෂතා ප්‍රදර්ශනය
වෙනුවෙන් නිර්මාණය වූ රූපවාහිනි රියැලිටි වේදිකාව, Elephant House Super Heroes දෙවනි අදියර
අති උත්කර්ශවත් අවසන් මහා තරගයකින් පසුව 2024 ජනවාරි 07 වැනි දින අවසන් විය.
Elephant House Super Heroes යනු හුදෙක් රූපවාහිනි රියැලිටි තරගාවලියක් පමණක්ම නොවන
අතර එය නවෝත්පාදනයන් දිරි ගැන්වීම , සමාජ වගකීම පිළිබඳ හැඟීම් උද්දීපනය මෙන්ම සෞන්දර්‍ය
කුසලතා ඔප්නැංවීම උදෙසා කළ අසමසම කැපවීමකි. Elephant House ආයතනය රටේ අනාගත පරපුර
වෙනුවෙන් කරන අප්‍රතිහත කැපකිරීම පිළිබඳ මෙම වැඩසටහන අනාගතයට නිසැක සාක්ශි සපයනු ඇත.
සති ගණනාවක් පුරා පැවති උද්වේගකර තරග වට ගණනාවකින් පසු අසාමාන්‍ය දක්ශතා සමූහයක
කූඨප්‍රාප්තිය වූ අවසන් මහා තරගය ශ්‍රී ලාංකීය තාරුණ්‍යේ ඇදහිය නොහැකි දක්ෂතා හා
හැකියාවන්ගේ මනා පිළිබිඹුවක් බවට පත්විය.

එහිදී විශිෂ්ඨ නවෝත්පාදන හා නිර්මාණශීලි හැකියාව ප්‍රදර්ශණය කළ තරගකරුවන් වෙනුවෙන්
Super Innovator සම්මානය පිරිනමන ලද අතර එම අංශයේ ජයග්‍රාහකයා වූයේ නැවත භාවිතා කළ

හැකි වගා බඳුනක් නිෂ්පාදනය කළ ආකාශ රාජපක්ෂ වන අතර මෙහිදී ප්ලාස්ටික් නිසා ඇතිවන පාරසරික
දූශණය අවම කිරීම හා තිරසාර භාවිතය යන කරුණු කෙරෙහි විනිශ්චය මණ්ඩලයේ අවදානය මෙන්ම
සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් විය. Super Innovator අංශයේ අනුශූරතාවය පබසර බිසල් විසින්
දිනාගන්නා ලදි.
සමාජ වගකීමේ ඇති වැදගත්කම වටහා ගනිමින් සමාජයට ධනාත්මක බලපෑමක් ඇතිකිරීම වෙනුවෙන්
කැපවූ පුද්ගලයන් අගයනුවස් Super Responsible සම්මානය පිරිනමන ලද අතර මෙම කාණ්ඩයේ
ජයග්‍රහණය Aquadux කණ්ඩායම දිනාගනු ලැබුවේ ප්‍රජාව ඒකරාශි කරමින් ජලාශයක්
ප්‍රතිසංස්කරණය කිරීමේ සුවිශේෂි කැපවීම ප්‍රදර්ශනය කරමිනි. මෙම අංශයේ අනුශූරතාව නදුන්
දිල්හාර විසින් හිමිකර ගන්නා ලදි.
අනාගත පරපුරේ සෞන්දර්‍ය දක්ෂතා අගය කරනුවස් කලා කටයුතු වලින් සුවිශේෂි දක්ෂතාවයක් විදහා
දැක්වූ තරගකරුවන් වෙත Super Talent සම්මානය පිරිනැමුනු අතර සම්ප්‍රදායික නර්ථනයේ සියුම්
තැන් ස්පර්ශ කරමින් ඉදිරිපත් කළ අනර්ඝ දක්ෂතාවය වෙනුවෙන් බිනර හිමසර එම කාණ්ඩයේ
ශූරතාවයට හිමිකම් කියන ලදි. එහි අනුශූරතාවය එවැනිම දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ SK Dance
විසින් දිනාගන්නා ලදි.
Elephant House Super Heroes යනු ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ හැකියාවන් පෝෂණය කරමින්
එම හැකියාවන් ඔප්නැංවීම උදෙසා වන Elephant House හී කැපවීම මනාව පිළිබිඹු කරන වේදිකාවක්
වන අතර මෙමගින් තරුණයින්ට ජාතික මට්ටමින් තම දක්ෂතා ප්‍රදර්ශනයට මෙන්ම ඔවුන්ව දිරිගැන්වීම
අපේක්ෂා කරනු ලබයි.



අදහස් (0)

Elephant House Super Heroes දෙවන අදියරේ අවසන් මහා තරගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site