IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


Elephant House, Lanka Premier League 2023 සමඟ අත්වැල් බැඳගනී

 


ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීයම ආහාර පාන සන්නාමය වන එලිෆන්ට් හවුස්, ශ්‍රී 
ලංකාවේ විශාලතම T20 ප්‍රිමියර් ලීගය වන “Lanka Premier League 2023” සමඟ
අත්වැල් බැඳගත් බව සතුටින් දැනුම්දීමට කැමැත්තෙමු. මෙම සහයෝගීතාවය
එලිෆන්ට් හවුස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් යන දෙඅංශයටම වැදගත් සන්ධිස්ථානයක්
සනිටුහන් කරයි. විනෝදාස්වාදය, රසවත් හා ප්‍රණීත ආහාරපාන සහ ක්‍රිකට් උදෙසා
දෙපාර්ශවයේම ඇති උනන්දුව මෙම හවුල්කාරීත්වය වඩාත් අර්ථවත් කරයි.
එලිෆන්ට් හවුස් ස්ථාපිත කළ 1852 දී සිට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් අතර
විශ්වාසනීය නාමයක් වී ඇත. සියවසකට වැඩි කාලයක් පුරා, එලිෆන්ට් හවුස්,
ලාංකීය රසවතුන් තෘප්තිමත් කිරීම සඳහා පුළුල් රස පරාසයකින් ආහාරපාන වර්ග
හඳුන්වාදී ඇත. පවුලේ අය සමග එක්ව රසවිඳීමට මෙන්ම තනි තනිවම වුවද රස
රසවිඳීමට හැකිවන අයුරින් එලිෆන්ට් හවුස් නිෂ්පාදන ලාංකීය රසවතුන් උදෙසා
හඳුන්වාදී ඇත.


ලංකා ප්‍රිමියර් ලීග්, T20 ක්‍රිකට් තරඟ සඳහා ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, එය ලොව
පුරා ක්‍රිකට් ලෝලීන්ගේ සහ රසිකයින්ගේ හදවත් ග්‍රහණය කර ගනිමින් රටේ වඩාත්ම
ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් බවට පත්ව ඇත. මේ සඳහා ලොව පුරා සිටින දක්ෂ
ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ක්‍රීඩා කරන අතර, එය ක්‍රීඩාශීලිත්වය සහ
තරගාවලියේ උද්වේගකර බව ඉහළ නැංවීමට මහත් පිටුවහලක් වනු ඇත.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා,
මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ “ලංකා ප්‍රිමියර් ලීග්
2023 වෙත සහයෝගීතාවය දැක්වීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා.
ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ තවත් එක් ක්‍රීඩාවක්ම පමණක් නොවේ, එය මිනිසුන්ගේ
ජීවිතයේ එක් කොටසකි. මෙම හවුල්කාරිත්වය තුළින්, රට පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩා
ලෝලීන්ට ක්‍රිකට් අත්දැකීම් වැඩි දියුණු කරන අතරම, ශ්‍රී ලාංකිකත්වය සමඟ ඇති
අපගේ බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීම අපගේ අරමුණයි. ප්‍රේක්ෂකයින් ඔවුන්ගේ
ප්‍රියතම කණ්ඩායම් සහ ක්‍රීඩකයින් සඳහා ඔල්වරසන් දෙද්දී, එලිෆන්ට් හවුස් අපගේ
උසස් තත්ත්වයේ අයිස් ක්‍රීම් සහ ආහාරපාන සමඟ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට
ප්‍රබෝධමත් බව ලබා දෙනු ඇත.


එලිෆන්ට් හවුස් සහ ලංකා ප්‍රිමියර් ලීග් යන දෙපාර්ශවයම මෙම හවුල්කාරිත්වයට
පැමිණෙන්නේ එකමුතුකම සහ ජාතික අභිමානය පෝෂණය කිරීමේ දැක්මක් බෙදා
ගන්නා මොහොතකය. එය ක්‍රීඩාවේ මූලික වටිනාකම් වන කණ්ඩායම් ක්‍රියාකාරිත්වය,
අඛණ්ඩතාව සහ සාධාරණ ක්‍රීඩාව සමඟ පෙළගැසෙමින් ප්‍රේක්ෂක පිරිස වෙත එහි
ප්‍රවේශය පුළුල් කිරීමට එලිෆන්ට් හවුස් සුවිශේෂී අවස්ථාවක් උදා කරයි.


ලංකා ප්‍රිමියර් ලීග් 2023 අතරතුර, ක්‍රිකට් ලෝලීන්ට ක්‍රීඩාංගණවලට පැමිණෙන
ප්‍රේක්ෂකයන්ට එලිෆන්ට් හවුස් අලෙවිසැල් මගින් ප්‍රේක්ෂකයින් ප්‍රබෝධමත් කිරීම
රසවත් ආහාරපාන වර්ග සහ අයිස්ක්‍රීම් මාලාවක් පිරිනමයි.

එපමණක් නොව, එලිෆන්ට් හවුස් ප්‍රවර්ධන වැඩසටහන් මගින් තරඟ පවත්වනු
ලබන අතර, මෙහිදී ක්‍රීඩා ලෝලීන්ට සුවිශේෂී වෙළඳ භාණ්ඩ සහ තරඟ ටිකට්පත් දිනා
ගැනීමට අවස්ථාවක් හිමිවේ. ක්‍රිකට් ක්‍රීඩාවේ උද්දීපනය රසවත් ප්‍රණීත ආහාරවල
ප්‍රීතිය සමඟ මුසු කරමින්, එලිෆන්ට් හවුස් ලීග් තරඟ සඳහා සහභාගී වන ක්‍රීඩා
ලෝලීන්ට නොමැකෙන මතකයන් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි.
එලිෆන්ට් හවුස් සහ ලංකා ප්‍රිමියර් ලීග් 2023 අතර සහයෝගීතාව පිළිබඳ තවත්
යාවත්කාලීන කිරීම් සඳහා රැඳී සිටින්න, මෙවර T20 ප්‍රිමියර් ලීග් තරඟාවලිය සියලුම
ක්‍රිකට් ලෝලීන්ට සැබවින්ම අමතක නොවන අත්දැකීමක් බවට පත් කිරීම ඔවුන්ගේ
බලාපොරොත්තුවයි.

 



අදහස් (0)

Elephant House, Lanka Premier League 2023 සමඟ අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 655 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 541 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site