(නිමල කොඩිතුවක්කු)
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පෙරට වඩා අර්බුදයක් යළි හටගෙන ඇතැයි අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය.
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා අධිකරණයෙන් පරාජය කරන බැවින් ඔහුගේ පුරවැසිභාවය ගැන එතරම් තැකීමක් නොකරන බවත් ඔහු සඳහන් කළේය.
කොළඹ වෝක්ස්ෂෝල් වීදියේ නව ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මෙසේද කීය
‘‘ ගොඨභයගේ පුරවැසිභාවය පිළිබඳව ප‍්‍රශ්නය යළිත් මතුවෙලා තියනවා. ඔහුගේ නම ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත් කර නොමැති බව නවතම ලයිස්තු වලින් තහවුරු වී තිබෙනවා.
සජිත් ප්‍රේමදාස ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ,මොකද ගෝඨාභය රාජපක්ෂ අපි ජනතා අධිකරණයෙන් පරාජය කරනවා.
ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට අවශ්‍යම ප‍්‍රතිවාදී අපේක්ෂකයා ගෝඨාභයමයි. ඒ නිසා ජනතා ඡන්දයෙන් පරාජයට පත්කරන්න තියෙද්දී තාක්ෂණික ප‍්‍රශ්න මගින් ගෝඨාභය පරාජය කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒවැනි මාර්ගයකින් ගෝඨාභය පරාජය කිරීම නුසුදුසුය කියලා සජිත් පේ‍්‍රමදාස මහතා හිතනවා.
නමුත් ගෝඨාභය ශ‍්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවෙයි. ජනතාව වෙනුවෙන් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අපි කරනවා. අපි ගෝඨාභයට අභියෝග කරනවා තමන් ශ‍්‍රී ලංකා පුරවැසියෙක් කියලා අවසන් අවස්ථාවේ හෝ ඔප්පු කරන්න කියලා.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැක්කේ, ශ‍්‍රී ලාංකිය පුරවැසියකුට පමණයි. ගෝඨාභය ඇමරිකාවේ පුරවැසි භාවය ගත්තා ශ‍්‍රී ලංකාවේ පුරවැසි පනත අනුව ශ‍්‍රී ලංකාවේ ඔහුගේ පුරවැසිභාවය අහිමි වුණා.
ඔහු ලංකාවේ රාජ්‍ය නිලයක් දරන්න නම්, ඔහු ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන. ඔහු 2005 සහෝදරයා ජනාධිපති වුනයින් පස්සේ ලංකාවේ පුරවැසියභාවය ලබාගැනීමට අනුගමනය කළ ක‍්‍රමවේදය වචංනිකයි.‘‘යැයිද ඔහු එහිදී පැවැසීය.
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2558
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘‘ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන පෙරට වඩා අර්බුදයක් හටගෙන‘‘