IMG-LOGO

මංගලගෙන් නිවේදනයක්

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා මෙරට ආර්ථිකය අගාධය කරා වැටෙමින් ඇතයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රාජ්‍ය ආයතන සීමා කිරීමේ ප්‍රතිපත්තිය නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයිද  ගැටළුවට ස්ථීර විසඳුමක් නොලැබුණහොත් ඉදිරි මාස 03 තුළ රටේ විශාල භාණ්ඩ හිඟයක් මතුවිය හැකි බව ද මංගල සමරවීර මහතාගේ නිවේදනයේ සඳහන් වේ. 

මෙරට කර්මාන්ත ශාලාවකට ඇමරිකානු ඩොලර් 10,000ක් වටිනා අමතර කොටස් ආනයනය කිරීමට විදුලි හුවමාරු පණිවිඩයක් යවන්න පවා සමහර වාණිජ බැංකු ප්‍රතික්ෂේප කරන බව ද එහි සඳහන් වේ.

මීට අමතර ව විදේශයන්හි අධ්‍යාපනය ලබන දූ දරුවන් විදේශ මුදල් ප්‍රේෂණය කිරීම ද සමහර බැංකු විසින් ප්‍රතික්ෂේප කිරීම දෙමව්පියන්ගේ කනස්සල්ලට හේතු වී ඇතැයි ද මංගල සමරවීර මහතාගේ නිවේදනයේ සඳහන් වේ.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව ද නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙන බව ද සඳහන් කරන මංගල සමරවීර මහතා මහ බැංකුව, වාණිජ බැංකු වලට සහ මූල්‍ය ආයතනවලට විදේශ ණය ලබා ගැනීමේ බලය පවරා ඇතැයි ද සඳහන් කරයි.

 



අදහස් (16)

මංගලගෙන් නිවේදනයක්

SUNIL MILANO Friday, 09 July 2021 06:10 PM

මෙයා කොහෙන්ද දන්නේ නැහැ කතාකරන්නේ? මරු මුදල් ඇමැති..!! 7%කට තිබුණා.. ආර්ථිකය 2%ට බස්සලා දැන් ලොකු ටෝක් දෙනවා. කාට කියන්නද? 

:       2162       1598

chithralFriday, 09 July 2021 11:19 PM

ඔබ මොනවද මේ කියවන්නේ...? 2% ආර්ථික වර්ධනය තිබුනේ මහින්දගේ ආණ්ඩුවේ අවසාන කාලයේ.... ඒ වෙන මොකවත් නිසා නොව මදි නොකියන්න රටේ සල්ලි හොරාකාපු නිසා...

:       628       1032

nimalSaturday, 10 July 2021 05:20 AM

මාධ්‍යට පෙනෙන්න බැරෑරුම් ආකාරයට සීරිස් මුණු පෙන්වන දේශපාලකයෝ, වැඩකාරයෝ නොවේ. වැඩකරන දේශපාලකයෝ කතා නැහැ... බොරුවට සීරීස් පාර්ට් ජනතාවට පෙන්වන්නේ නැත...

:       0       28

සෙනෙවිරත්න Saturday, 10 July 2021 06:24 AM

මංගලගෙ ඇදකුද කල කී දේ නෙවෙයි... සත්‍ය වශයෙන් දැන් ලංකා පොළවේ වෙන දේ දකින්න. මහින්ද මහත්තයා වසර දෙකකට කලින් 2015දී ඡන්දෙට ගියේ ඇයි කියලා පැහැදිලි කරන්න. ඔය කියන වර්ධනය තිබුණා නම්...!!!

:       47       79

Rohana Friday, 09 July 2021 06:46 PM

කතාව නම් ඉහටත් උඩින්. ආනයන අපනයන වෙළඳාමවත් හරියට කරගන්න බැරි බංකොලොත් ආණඩුවක් මේක... මෙහෙම ආනයන නතරකරලා ජනතාව හිරකරන්නේ ඇයි? 69 ලක්ෂයක් මහ ලොකුවට ගිහින් ඡන්දෙ දීලා පත්කරගත් ආණ්ඩුවක හැටි...

:       1022       1736

මුණසිංහ Friday, 09 July 2021 08:57 PM

ආර්ථික විද්‍යාව ගැන මෙතුමාගේ දැනුම මංගලට සමානයි...

:       866       504

RohanaFriday, 09 July 2021 09:51 PM

ආණ්ඩුවට තමන් ගැතිකම් දක්වනවිට ඔවුන් කරන දේවල්වල හරි වැරැද්ද පේන්නේ නැහැනේ...!!!

:       101       350

මුණසිංහ Saturday, 10 July 2021 04:08 PM

ආණ්ඩුවට ගැතිකම් නෙවෙයි මහත්තයා.., ආර්ථික, විද්‍යාත්මක දැනුම ප්‍රයෝජනයට ගන්න. හැමවිටම විරෝධාකල්ප දැක්වීම මානසික ලෙඩක්...

:       135       31

Dumitu Friday, 09 July 2021 09:52 PM

ඔබ හරි... ආණ්ඩුව රට මඤ්ඤොක්කා යුගය කරා ගෙනියනවා.

:       119       664

andima Friday, 09 July 2021 11:39 PM

ගෙදර ඉඳන් කතා පැවැත්තුවාට කමක් නැහැ. පන්සල් පැත්තේ නම් යන්න එපා. ටොකු කන්න වෙනවා.

:       74       63

සෙනෙවිරත්න Sunday, 25 July 2021 02:16 PM

ලංකාවේ පන්සල් යන්න පුළුවන් කීයෙන් කීයකටද? හිරිකිතයක් නැතිව...

:       2       1

නිමල් Saturday, 10 July 2021 03:37 AM

දේශපාලකයින් කුමක් ප්‍රකාශ කළ ද අප රටේ ජනගහනයෙන් 40%ක පමණ දරිද්‍රතාවයෙන් පෙලෙනවා. ආර්ථික වර්ධන දර්ශක හුදු ඉලක්කම් පමණයි.

:       26       47

N.P.C PERERA Saturday, 10 July 2021 06:25 AM

මේ අවස්ථාවේ විදේශ අධ්‍යාපනයන් ලබන අය විදේශ ගතකරන එකෙන් වෙන්නේ රටේ ඩොලර් තවතවත් නැතිවීමයි. පළමුව කළ යුත්තේ, විදේශ ශ්‍රමිකයා ‍රටෙන් තම රැකියවට යෑම ඉක්මනට හා එන්නත්, පහසුකම ලබාදීමයි.. කොරෝනා ආරම්බයේ ඔය ලොකුයි කියාගන්නා ආත්මාර්ථකාමී අයවලුන් ගේ විදේශීය අධ්‍යාපනයන් ලබනවුන් වහ වහා ලංකාවට ගෙන්නා ගත්තේ, විදේශ ශ්‍රමිකයා අතහැර, ඔවුන් ලතෝනි දෙන අතරයි. දැන් රටවල් විවෘත කරනවිට තම දරුවන්ව ආණ්ඩුව ලවා වහා නැවත් විදේශ පාසැල්වලට යැවීමට ක්‍රියාත්මක කරනවා. මෙය වහා නවතා වහා විදේශ ශ්‍රමිකයාට එන්නත් දී තම රැකියාවට යෑමට වහා කටයුතු කර යුතුයි... ඔවුන් මේ රටට ඩොලර් ගේන්න දායකත්වයක් දෙන්නේ.

:       0       67

SUNIL MILANO Saturday, 10 July 2021 11:50 AM

ඇත්ත වසන් කළා. බොරුව ඉස්මතු කර පෙන්නුවා.. අඳ බාලයින් සමග වැඩකර ඵලක් නැහැ.

:       1       5

Bamunuarachchi Saturday, 10 July 2021 05:11 PM

ඔහේ කරපු හරිය අපි අත්වින්දා. කරුණාකරලා පැත්තකට වෙලා ඉන්නවාද?

:       676       67

විජේ Sunday, 18 July 2021 11:04 PM

ඉතාමත් දූරදර්ශී, පැහැදිලි, ඍජු දේශපාලනයක, ප්‍රතිපත්තියක කටයුතු කළ ඔබ වැනි පරිණත දේශපාලන යුග පුරුෂයෙක්ගේ අදහස් ඉතාමත් අගනේය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site