IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘දූෂණ පිළිකාව සුව කරනවා‘

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට වැළඳී තිබෙන දූෂණය වංචාව නාස්තිය නැමැති පිළිකාව සුව කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් ජනාධිපති කාර්යාලයේදී පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ ද කීය.

මේ නව වසරක ආරම්භයයි.නව වසර සමඟ අපේ රට අලුත් පරිවර්තනයකට ලක්වෙනවා.මුළු දේශපාලන අධිකාරියම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.අප මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වන පදනම ගොඩ නගමින් සිටිනවා.

පවුල් වාදයේ බලය අසීමිත ලෙස ජනතාවට එරෙහිව උපයෝගී කර ගැනීම ආදී සියල්ල අහෝසි වෙනවා.ජනතා උවමනා සමග පෙළ ගැසුණු නව දේශපාලන සංස්කෘතියක් අප අරඹා තිබෙනවා.

අපේ ආර්ථිකය බංකොලොත් තැනකට වැටී තිබුණා.ආර්ථිකයේ මතුපිට තලයේ යම් ස්ථාවරත්වයක් ඇතිකර තිබෙනවා.ආර්ථික දේහයේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා මේ වසරේදී අප කටයුතු කරනවා.

අප විවිධ පන්නයේ ආරක්ෂක තර්ජන වලට මුහුණ දුන් රටක්.මේ වන විට ආරක්‍ෂාව ඉතා හොඳින් තහවුරු කරන්නට හැකි වී තිබෙනවා. අරුගම්බේ කේන්ද්‍ර කරගෙන ප්‍රහාරයක් ගැන තොරතුරු වාර්තා වුණා. ආරක්ෂක අංශ සක්‍රීයව වැඩ කොටසක් කළා.

එමෙන්ම අප ක්‍රමානුකූලව නීතියේ ආධිපත්‍යය රටේ ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා.අපරාධකරුවන් නීතියට උඩින් සිටින යුගයක් තිබුණා.ජනාධිපතිවරුන්ද ව්‍යවස්ථාව කඩා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දුන් අවස්ථා තිබෙනවා.ඒ නිසා අප නීතිය ආධිපත්‍යය යළි තහවුරු කිරීමට විශාල වෙහෙසක් ගන්නවා.

අල්ලස දූෂණ වංචාව නාස්තියක් රාජ්‍ය පුරාම පැතිරී තිබෙනවා.දූෂණය වංචාව නතර කරන්න විශාල වෙහෙසක් ගන්නට සිදු වී තිබෙනවා.නීතිපති දෙපාර්තමේන්තුව එය මැඩීම සඳහා අවශ්‍ය සහාය දෙනු ඇතැයි අප සිතනවා.

 



අදහස් (4)

‘දූෂණ පිළිකාව සුව කරනවා‘

sene Wednesday, 01 January 2025 10:18 AM

කියව කියව ඉමු. ජනතා වාදීන් ජනතාවට තවත් ජීවන පීඩනය වැඩි කරමින්, ජනතාවට නැති දේ තමන්ට ප්‍රතික්ෂේප කළ ඈයෝ , කෝ මේ ජනතාවාදය? ක්‍රමවේදයක් නැතිව ජීවිත ගෙවන්න තිබූ පොලිය 5% හ 10% ඉහළට, අපට ඉතිරිවන දේ දිවි නසාගැනීම පමණි.

:       10       8

MDD Wednesday, 01 January 2025 10:49 PM

අපි ඔබේ චේතනාව සාදරයෙන් පිළිගනිමු. නමුත් ඔබට දූෂණය තුරන් කිරීමට හෝ අවම කිරීමට ක්‍රියා පටිපාටියක් තිබේද යන්න අපට තේරුම් ගත නොහැක

:       0       0

Bunny Preena Thursday, 02 January 2025 09:40 AM

ප්‍රමාද වෙලා හරි මෙවැනි නායකයකු අප රටට පාලනය කිරිම සඳහා පත්වීම ගැන ශ්‍රී ලාංකිකයන් හැටියට අපි සියලු දෙනාම සතුටු වියයුතුයි

:       2       0

[email protected] Sunday, 05 January 2025 10:58 AM

මෙයා පරණ තැටියම කරකවනවා. කියව කියවා ඉන්නේ නැතිව සුවකරලා පෙන්නන්නකෝ. මෙයාව පච කීමේ තරගයට යවන්න හොඳයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 88 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 885 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site