IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


‘‘කෝවිඩ් මරණවලට කොරෝනා මර්දන බළකාය වගකිව යුතුයි‘‘

(අංජුල මහික වීරරත්න)

වර්තමානයේ සිදුවන මරණවලට කොරෝනා මර්දන බලකාය වගකිව යුතු යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

කොරෝනා මර්දන බළකාය වහාම විසිරුවා හැර නීතියෙන් පිහිටුවා ඇති මණ්ඩල මාර්ගයෙන් කොරෝනා මර්දනය කරන්නට ක්‍රියා කළ යුතු යැයි ද එසේ නැතිනම් ලංකාව 21වන ශත වර්ෂයේ විශාලා මහනුවරක් බවට පත්වීමේ අවදානමක් ඇතැයිද හිටපු අගමැතිවරයා සඳහන් කළේය.

ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගෙන යන ක්‍රමවේද අසාර්ථක වී ඇති බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා තවත් කල් ගන්නට හැකියාවක් නැති අතර නීතියෙන්ම ස්ථාපිත කර තිබෙන ආපදා කළමනාකරණ මණ්ඩල මගින් මේ අර්බුදයෙන් ගොඩ එන්නට සැලසුම් සැදිය යුතු බවද සඳහන් කළේය .

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

 



අදහස් (39)

‘‘කෝවිඩ් මරණවලට කොරෝනා මර්දන බළකාය වගකිව යුතුයි‘‘

කිරි පුතා Sunday, 08 August 2021 01:10 PM

හරියටම හරි. ලෝකෙ අනිත් රටවලුත් එහෙම තමා ක⁣රන්නෙ. කොහොමද ටිකිරි මොළේ. ඊළඟ පාර ඡන්ද ලැබෙයි හොඳේ

:       856       854

මුණසිංහ Sunday, 08 August 2021 01:14 PM

එතකොට අරයා කියන්නේ ආණ්ඩුව වග කිව යුතුය කියලා .

:       211       228

mp Sunday, 08 August 2021 01:15 PM

ඇත්ත. මේ අයට මිනිසුන්ගේ ජීවිත දැනෙන්නේ කුකුල් කූඩුවක ඉන්න කුකුළන් වගේ . නටන්නේ බහුභූත.

:       223       446

Rata Perata Sunday, 08 August 2021 01:38 PM

බලය නැති වුණාම තමයි මොලේ. හිටපු අවුරුදු 4 රාජපක්ෂලා ඇතුළු හොරුන්ට අවංකව රටේ නීතිය අනුව දඬුවම් කරා නම් අද මේ වගේ මෝඩ රැලකට රටේ පාලනය යන්නේ නෑනේ. මේ අපරාධයට ඔබත් වගකිව යුතුයි.

:       907       1182

Saliya Sunday, 08 August 2021 01:42 PM

ඒක ඇත්ත. ඔය බලකායෙ අය කොරෝනාව මර්දනය කරනවා නම් රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා තීරණ ගන්න ඕනෑ. නමුත් ඒ බවක් පේන්නේ නෑ. දේශපාලන වුවමනා අනුව තීරණ ගන්න බවයි පේන්නේ... මේ කමිටුවේ රැස්වීම් වලට ජනාධිපති සහභාගි වීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒකෙන් කමිටුවේ අයට නිදහසේ තීරණ ගැනීමේ හැකියාව නැතිවෙනවා. ඒකෙන් හැම දේකම අවසාන තීරකයා වෙන්නේ ජනාධිපති. අවසානයේ කමිටුවේ තීරණ දේශපාලනික හේතුවලට යටවෙනවා.

:       344       489

Kumar (Gulf) Sunday, 08 August 2021 01:52 PM

රට කෑවට, හොරු බේරුවට වගකිව යුතුයි.

:       227       364

mangala Sunday, 08 August 2021 01:56 PM

මෙයා හිටියානම් අපිට පාන් කියාගන්නවත් බැරි වෙනවා. රටේ වාසනාවට ඡන්ද දෙකක් තිබුනේ. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියන එක වෙනස් කරන්න කාලේ හරි. ලැජ්ජා නැතිකම රනිල්ගේ මන්ත්‍රීපුටුවටත් වඩා ලොකුයි කියලා...

:       1127       1121

ගමරාලSunday, 08 August 2021 07:11 PM

මංගල කිව්වාට අදහස් මොන්ගල් කියලා හිතෙනවා... මෙයාගේම පාලනයක්.. මෙතෙක් තිබුණේම නැහැ.. තිබුණා නම් මේ රට සුරපුරයක් වෙන්න තිබුණා.

:       226       209

kamal Sunday, 08 August 2021 01:57 PM

මග හැරගත හැකිව තිබූ පාස්කු ප්‍රහාරයේ වගකීම...?

:       340       392

Raveendra Sunday, 08 August 2021 01:58 PM

කිසිවෙකුට මුන්දෑ දෙස බැලූ බැල්මට කියන්න බැහැ නේද "මඳ" වශයෙන් බුද්ධිය තිබෙන "මන්ද පමා" උගතෙක් කියලා...

:       601       343

beau Sunday, 08 August 2021 02:06 PM

ගොන් කතා... එතකොට කියන දේ අහන්නේ නැති අශීලාචාර ජනතා කොට්ඨාශය නිර්දෝෂයිද? පාර්ලිමේන්තුවේත් ඉන්නවා එවැනි හරක් රැළක්..

:       443       613

RaveendraMonday, 09 August 2021 07:40 AM

ඔබගේ වටිනා අදහස් 200% නිවැරදිය.මොන බලකායක් තිබුනත්, මොන නීති පැනෙව්වත් අසංවර ජනතාවක් මෙන්ම බලය ගැනම පමණක් හිතන පතන "ගොන් තකතීරු බුරු" දේශපාලුවන් ඉන්න රටක මේ තරමටවත් බේරිලා ඉන්න එක පුදුමයකි.

:       6       40

ගැමුණු Sunday, 08 August 2021 03:36 PM

එහෙම කර තිබුණා නම් කියාවි... ' ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට දීම මේ රජය කල බරපතල වරදක්. දෙන්නට තිබුණේ ජනාධිපති විශේෂ කාර්ය බලකායකටයි. එහි නායකත්වයට හමුදාපතිතුමාවයි පත් කළ යුතුව තිබුණේ'..., යනුවෙනි.

:       194       310

Chandima Sunday, 08 August 2021 03:36 PM

ආසියාවේ වඩාත් උපායශීලී නායකයා කියනවා නේද මෙයාට?

:       111       189

විජේ Sunday, 08 August 2021 05:38 PM

උපායශීලි කියන්නේ කපටියි කියලා එළිපිට කියන්න බැරි මිනිස්සු... රට මේ තත්වයට වට්ටපු ප්‍රධානම කෙනෙක්නේ මෙයා, මේ වගේ වගකීම ආණ්ඩුවට වගේම මෙයාටත් තිබෙනවා...

:       72       120

gamunuSunday, 08 August 2021 07:54 PM

එසේ වගකීමක් තිබෙන නායකයකු නිසාම, ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගෙන යන ක්‍රමවේද සාර්ථක කරගැනීමට කළයුතු දේ පිළිබඳව කරුණු ගෙනහැර දක්වමින් පසුගිය වසරේ 2020 මර්තු මාසයේදී අරලියගහ මන්දිරයේදී පැවැති සර්වපාක්ෂික සමුළුවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයට පෙන්වාදෙන ලදී. දැනට මාස 18කට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයට ලබාදුන් උපදෙස් නිසි ආකාරයට ක්‍රියාත්මක කලේ නම් සහ සෞඛ්‍ය අංශ උපදෙස් මත රජය ක්‍රියාත්මක නොවීම නිසා මේ වනවිට රටේ ජනතාව පමණක් නොව කණගාටුවට කරුණ නම් බලවත් සේ රජය අසරණ වීමයි. වර්තමාන රජයට මෙම අර්බුදයෙන් ගොඩඑන්නට ප්ලෑන් B නොමැත. එසේ ප්ලෑන් B තිබ්බෙනම් එය සකස් කර තිබෙන්නේ ප්ලෑන් A ක්‍රියාත්මක කිරීම සඳහා මිස වෙනත් විකල්පයක් සඳහා නොවේ.

:       116       127

Thilina Sunday, 08 August 2021 03:45 PM

එතකොට පාස්කු ප්‍රහාරය? මහ බැංකුව? එක්කෝ ඕනැ නැහැ..

:       218       240

ශානිකා Sunday, 08 August 2021 04:17 PM

එහෙනම් මෙතුමා මේ කියන්නේ ඇමරිකාවේ, එංගලන්තයේ වගේ එතුමා හිස නමා පිළිගන්න බලවත් බටහිර රටවල පවා සිදුවන කෝවිඩ් මරණ වලට ඒ රටවල කොරෝනා මර්දන යාන්ත්‍රණ වගකිවයුතු බව නේද? පුලුවන් නම් ඔය කතාව ඉංග්‍රීසී භාෂාවෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් හැටියට එළි දක්වන්න. මෙයයි මෙයාගේ පරණ ගෝල සජිත් මහත්තයයි දෙන්නාම එක්කෝ ලෝකයේ අනික් රටවල වෙන දේ නොදන්න මොඩයින්... එහෙම නැත්නම් රටේ ජනතාවට බොරු කියලා අන්දන්න හිතන කපටියන්...

:       303       284

gampila Sunday, 08 August 2021 04:50 PM

විෂඝෝර සර්පයෙක්... ඔලුව චප්ප කරලා දාන්නයි තියෙන්නේ...!

:       112       122

chandimaWednesday, 11 August 2021 04:25 PM

මිනිස්සු තවම සර්පයා අඳුරගත්තේ නැහැ .හැව ඇරලා ඇවිත් ඉන්නේ ,ඒකයි

:       1       9

MO77 Sunday, 08 August 2021 05:01 PM

චීනය සාර්ථක වුණේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න. ඒ ඔවුන්ගේ රජය නිසා...

:       14       2

Danish Sunday, 08 August 2021 05:01 PM

ඔහු ගැන දන්නා කෙනෙක් නැහැ. ‘‘අපේ විරුවා ගෝඨාභය‘‘...

:       94       109

විජේ Sunday, 08 August 2021 05:35 PM

රෙද්දක් ඇඳන්ද අනිත් මිනිස්සුන්ට ඇඟිල්ල දික්කරන්නේ... කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් අහලා බලන්න තමන් මගඇරපු, අතපසු කරපු, ගණන් නොගත් දේවල් වලින් මිනිස්සු කී දාහක් මැරිලා තියෙනවද කියලා. පක්ෂය, විපක්ෂය කියලා නෑ. නුඹලා ඔක්කොම අවස්ථාවාදී කපටි හොරු....

:       30       40

fairoos Sunday, 08 August 2021 05:46 PM

ලංකාවේ මිනිස්සුන්ට කවදා මොලේ පෑදෙයිද දන්නේ නැහැ...

:       15       25

ඩී.ජේ.ඊ.වීරසිංහ Sunday, 08 August 2021 07:09 PM

මුල වැදුනා. දැන් මැදයි අගයි හදන්න අමාරුයි. කොරෝනා මර්දන බලකාය වගකිව යුතු බව කියන්නේ හිටපු අගමැති වරයානේ... පරිණත දේශපාලඥයෙකු බව කවුරුත් පිළිගන්නවා.

:       77       71

ජයසිංහ Monday, 09 August 2021 12:55 PM

ඔය කියන පරිණත දේශපාලඥයයාට හමුදාව කොහොමත් ඇලජික්...... ඒ නිසාමනේ යහපාලනය හමුදාව UN එකට පාවාදුන්නේ....... හමුදාව කොරෝනා මර්දනය ඉහලින්ම කිරීම දරා ගැන්මට අසීරු ඇති .

:       94       117

Sri Lanka Sunday, 08 August 2021 07:32 PM

මිනිස්සු මැරෙන්නේ අසනීපවලට... ඒකට කොරෝනා කියලා නමක් දාගෙන පිටරටවල් ගිලගන්නවා. කොරෝනා ඔච්චර දරුණු නම් ඔහේටත් එන්න එපෑයෑ...

:       62       2

AsankaSunday, 08 August 2021 10:08 PM

ඩිස් ලයික් වැටුනාට වෙන්නේ මේක තමයි .කොරෝන වයිරසයෙන් ප්‍රතිශක්තිය දුර්වල වුනාම නිදන්ගත රෝග ඇති අය දුර්වල වෙලා මැරෙනවා .ලංකාවේ බාගෙට බාගයක් ඉන්නේ නිදන්ගත රෝග ඇති අය.ඒකයි භයානක කම . අහන දකින හැමෝටම කොලෙස්ටරෝල් ,රුදිර පීඩනය

:       1       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 08 August 2021 08:08 PM

අපට කුමන ආකාරයේ හෝ දේශපාලනයක් අවශ්‍ය නැහැ. මේ වෙලාවේ මෙතුමා කියන්නේ කවුරුවත් නොකී දෙයක්... කවුරු කිව්වත් කතාව නම් සත්‍යයක්.... හමුදාපති තුමා කියන්නේ තමා පත්කළ නායකයා කියන දේ. කරන්නෙත් එතුමා කියන දේ. ඒක හමුදාපති තුමාගේ රාජකාරිය. තම සේනාධිනායකයාට ඉහළින් යන්න එතුමාට බැහැ. අපත් සමහර විට හමුදාපති තුමා විවේචනය කරනවා. ඒත් එතුමා කරන්නේ එතුමාගේ ඩියුටි එක. එතුමාගේ කතාවකට හොඳින් සවන් දෙන්න. විනාඩි කිහිපයක් කතාකළොත්, ඒ කාලය තුළ අතිගරු යන වචනය සෑහෙන වාර ගණනක් කියැවෙනවා. මේ වචනය ඇහිලාම අපට එය එපාවෙලයි තියෙන්නේ. ඒත්, තම සේනාධිනායකයාට ගෞරව කරන්න එතුමා බැඳී සිටිනවා. මෙතන සම්පූර්ණම වගකීම ගන්න ඕනෑ අදාළ සේනාධිනායකයා බව පෙනෙන කරුණක්...

:       116       425

Wasantha Sunday, 08 August 2021 10:55 PM

ලංකාවේ අය හිතන් ඉන්නේ ලංකාවේ විතරයි මේ කොරෝනා තියෙන්නේ කියලා .වෙනත් රටවලුත් අපේ රට වගේම තත්වයක තියෙන්නේ .ඇත්තටම අපේ රටත් සැහෙන ප්‍රමාණයකට පාලනය කරගෙන යනවා .මධ්‍යස්තව මේ වෙලාවේ හිතන්න පුරුදු වෙන්න ඕනේ .සුපුරුදු පරිදිම දේශපාලකයෝ මේක දේශපාලනයක් කරගෙන මිනිස්සුත් ඒකටම එකතු වෙලා .තමන්ගේ වගකීම විතරයි මේ වෙලාවේ කරන්න ඕනේ .ආණ්ඩුවේ වැරදි කිය කියා ඉඳලා වැඩක් නැහැ .මේ ආණ්ඩු පෙරලන වෙලාව නොවේ .එය පසුව කරනු ඇත. දැන් අපි එක්ව මෙම තත්වයෙන් ආරක්ෂා වීමට නැගී සිටිමු.

:       7       37

Chandima Monday, 09 August 2021 12:54 AM

හොරු හොරු උනුන්ටම බැනගන්නවා .හුරේ

:       0       10

BamunuarachchiTuesday, 10 August 2021 07:25 AM

ජෙප්පන්ට මාර ජොලි හැබැයි චන්දෙට ගියාම අලවපු පෝස්ටර් ගානටවත් චන්ද ලැබීලා නැහැ. පව්

:       1       63

Chandima Tuesday, 10 August 2021 07:26 PM

යුද්දේ තියෙනකල් යුද්ධය අවසන් කරන්න සටන් කරපු හමුදාවේ කකුලෙන් ඇද්දා... දැන් කොවිඩ් මර්ධනය කරන්න ගෙනයන සටනේ කකුලෙන් අදිනවා. රටටම සාපයක් අප්පා.

:       77       601

විජේ Saturday, 21 August 2021 11:04 AM

රනිල් කියන්නේ අසනීපෙන් දිව්වා කියන එකටනේ ඉතින්. පට්ට ලෙඩෙක්, බල ලෝභියෙක්...

:       0       3

Athanasius Fernandopulle Wednesday, 11 August 2021 09:36 PM

ඡන්දයක් දිනන්නේ නැතුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිල්ලා දැන් වීරයෙක් වෙන්න හදන්න එපා.

:       0       1

chandima Friday, 13 August 2021 05:06 PM

අපේ හමුදාවෙනුත් සමහර වෙලාවට කරන්නේ මහ මෝඩ වැඩ අප්පා... මොන එහෙකට මෙයාට කොරෝනා බේත් විද්දද? බැරිම නම් කුප්පියෙන් එකක්ම විදින්නේ නැතිව අරික්කාලක් විතර විදලා යවන්න තිබුණනේ.. විෂ ඝෝර සර්පයා.. දැක නෑර මෝඩයා කියලා අහලා නැද්ද? 

:       3       625

sadila Saturday, 14 August 2021 12:34 AM

මේ යන විදිහට තව ටික දවසකින් කියයි මෙයා ඉපදිච්චි එකට අල්ලපු ගෙදර කෙනා වගකියන්න ඕනෑ කියලා..

:       1       9

charitha Friday, 20 August 2021 04:08 PM

අනේ, පැරදිලා ගෙදර ඉන්නේ නැතිව ආවා මෙතන රට කන්න...

:       0       2

Athanasius Fernandopulle Saturday, 04 September 2021 07:03 PM

මා හට කෝවිඩ් වසංගතය වැළඳී මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිමි. මා මේ සටහන තබන්නේ කෝවිඩ් රෝගීන් වෙනුවෙන් ඉමහත් වෙහෙසක් දරණ වෛද්‍යවරුන් හෙදියන් සහ රෝහල් කාර්යය මණ්ඩලය වෙත උපහාරයක් පිණිසය. ඔවුන්ගේ කැපවීම මිල කළ නොහැකි ය. එසේම රජය ද රෝහල් වල තිබෙන පහසුකම් උපරිම මට්ටමෙන් පවත්වාගෙන යාමට කටයුතු කරයි. ඒ නිසා කෝවිඩ් රෝගීන් වෙනුවෙන් කැපවී සිටින මේ සියලු දෙනාට දේවාශිර්වාදය වේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 257 6

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1211 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 1017 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2334 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2181 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3700 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 400 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1799 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1622 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site