IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


‘කොරෝනා නිසා ළමා ශ්‍රමිකයින් වැඩිවෙලා‘

(ඩයනා උදයංගනී)

කෝවිඩ් වසංගතය සමඟ ළමයින් ශ්‍රමිකයන් ලෙස විවිධ වෘත්තීන්හි යෙදවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇතැයි වාර්තා වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ළමා ශ්‍රමය යොදා ගැනීම මෙන්ම ළමයින් යොදාගෙන මුදල් ඉපයීමේ ජාවාරම් ද සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා නීති ගෙන එන බව ද  අමාත්‍යවරයා කීවේය.

ඒ වෙනුවෙන් ළමා හා කම්කරු නීති, අණපනත් සංශෝධනය කළ යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම කාන්තා, තරුණ හා ළමා රැකියා පනත යටතේ ඇති අන්තරාකාරි වෘත්තීය රෙගුලාසි සමාලෝචනය කිරීමට කාලය එළැඹ ඇතැයි   කී ඇමතිවරයා ඒ සඳහා කළ යුතු පනත් සංශෝධන පිළිබඳ යෝජනා තමන්ට ලබාදෙන්නැයි අදාළ බලධාරීන්ට දැනුම් දුන්නේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කම්කරු අමාත්‍යාංශයේ දී ඊයේ (30) පැවති සාකච්ඡාවකදීය.

ළමා ශ්‍රමයට හේතුව දෙමාපියන්ගේ දුප්පත්කම බවට ඇතැමුන් අර්ථ නිරූපණය කළත්, බාල වයස්කාර දරුවන් රැකියාවෙහි යෙදවීම හා මුදල් ඉපයීමට යොදා ගැනීම නීති විරෝධී බවත්, මත්වලට ඇබ්බැහි වූ දෙමව්පියන් වැඩි වශයෙන් මෙම වරද සිදුකරන බවත් ඇමතිවරයා පැවසීය.

මුදල් ඉපයීමේ කටයුතුවලට ළමයින් යොදා ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කළ යුතු බව කී ඇමැතිවරයා වීදි වල සැරිසරන මෙම ළමුන් පිළිබඳව නිරන්තර වැටලීම් සහ විමර්ශන කළ යුතු බව ද අවධාරණය කළේය.

 

 



අදහස් (3)

‘කොරෝනා නිසා ළමා ශ්‍රමිකයින් වැඩිවෙලා‘

Sri Lanka Thursday, 01 July 2021 04:55 PM

ඕකට එකම විසඳුම වහාම පාසල් විවෘත කරන්න. ඔන්ලයින් ආයතන දියුණු කරන්නේ නැතිව.. ස්තුතියි..!!! 

:       0       0

Raveendra Friday, 02 July 2021 05:09 PM

මෙවර පහ වසර ශිෂසත්වය ප්‍රශ්න පත්තරයේ ලකුණු දහයක්ම ලැබෙන ප්‍රශ්නයක් ඇත.

:       0       0

saman Sunday, 04 July 2021 06:00 PM

මේවැනි පල පුරුදු දේශපාලනඥයෝ නිදහස් වීම රටට පාඩුවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 337 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site